×

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙඩිතැබීම ඇපල් සමාගම දෙසට හැරෙයි?

සැකකරුවන් දෙදෙනෙකුගේ අයිෆෝන් දුරකතන පරීක්ෂා කිරීම සඳහා ඇපල් සමාගම අදාල තොරතුරු ලබා දී තිබේ.


මීට ඉහත දී ඇමරිකානු රජය හමුදා සේවයට අනුයුක්ත කර සිටි සෞදි ජාතික නිලධාරීන් දොලොස් දෙනෙකු පමණ සේවයෙන් නෙරපා දැමීමට කටයුතු කළ බව වාර්තා වී තිබිණි.

ඒ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මීට මසකට ඉහත හටගත් වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ යැයි සැක පිට ය.

මෙම වෙඩි තැබීම සිදුවූයේ පෙන්සකෝලා හි නාවික ගුවන් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගෙනය.

මෙම සිදුවීමට ඇපල් සමාගම සම්බන්ධ වන්නේ අපූරු අන්දමිනි.

ඒ, අදාල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන්ගේ අයිෆෝන් පරීක්ෂා කර බැලීමට එෆ්බීඅයි සංවිධානය ඇපල් සමාගමේ සහාය පැතීමත් සමඟ ය.

මෙහිදී වාර්තා වී තිබුණේ අදාල සැකකරුවන්ගේ අයිෆෝන් පරීක්ෂා කිරීමට ඇපල් සමාගම සහාය දැක්වීම ප්‍රතික්ෂේප කර සිටි බවයි.

මෙම පුවත සංසරණය වීමත් සමඟ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.

එහෙත් මෙම චෝදනාව ඇපල් සමාගම විසින් තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇපල් සමාගම පවසන්නේ ඇමරිකානු නීතිපති විලියම් බාර් ගේ ඉල්ලීම මත අදාල සියළු තොරතුරු ලබා දීමට කටයුතු කළ බවයි.

ඒ අනුව පෙන්සකෝලා හි වෙඩි තැබීමට අදාල සැකකරුවන් ගේ අයිෆෝන් දුරකතන අන්ලොක් කිරීමට අදාල තොරතුරු ලබා දීමට ඇපල් සමාගම කටයුතු කොට තිබේ.

ඒ අනුව සැකකරුවන් දෙදෙනෙකුගේ අයිෆෝන් දුරකතන පරීක්ෂා කිරීම සඳහා ඇපල් සමාගම අදාල තොරතුරු ලබා දී තිබේ.

එෆ්බීඅයි සංවිධානය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීමට තම සමාගම කටයුතු කරන බවට එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙම විමර්ශන කටයුතු සඳහා සෞදි අරාබි රජයේ ද සහාය පළ වන බවට වාර්තා වෙයි.

දැනට ලද තොරතුරු අනුව අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පිරිස් විසින් අදාල වෙඩිතැබීම සිදුවූ බවට විශ්වාස කෙරේ.

පෙර ලිපිය: ත්‍රස්ත ක්‍රියා වලට සැක කරන සෞදි භටයින් ඇමරිකාවේ හමුදා සේවයෙන් ඉවතට!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි