×

iCloud ගිණුම් වල දත්ත මුදා හරින බව කියමින් ඇපල් සමාගම ට තර්ජනය කළ එංගලන්ත ජාතිකයාට වැඩ වරදී.

22 හැවිරිදි එංගලන්ත ජාතිකයකු තමාට iCloud ගිණුම් වලට ප්‍රවේශය ඇති බව පවසමින් ඇපල් සමාගමට තර්ජනය කිරීමට උත්සාහ කළ බව පිළිගෙන ඇත.


22 හැවිරිදි එංගලන්ත ජාතිකයකු තමාට iCloud ගිණුම් වලට ප්‍රවේශය ඇති බව පවසමින් ඇපල් සමාගමට තර්ජනය කිරීමට උත්සාහ කළ බව පිළිගෙන ඇත.

උතුරු ලන්ඩනයේ කෙරෙම් ඇල්බයාරක් නැමති මොහු ඇපල් සමාගම ඩොලර් 100,000 ක් වටිනා අයිටියුන්ස් තෑගි කාඩ්පත් ලබා නොදුන්නේ නම් ගිණුම් මිලියන 319 ක් අතුගා දමන බවට තර්ජනය කර ඇත.

නමුත් පරීක්ෂණයකින් හෙළි වූයේ ඇල්බයිරැක් ගෙන් ඇපල් පද්ධතියට කිසිදු ගැටළුවක් හෝ තර්ජනයක් නොමැති බවයි.

ඔහුට වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක් නියම කර ඇති අතර පැය 300 ක වැටුප් රහිතව සේවයේ යෙදීමට නියෝග කර තිබේ.

2017 මාර්තු මාසයේදී iCloud ගිණුම් මිලියන ගණනකට අනවසරයෙන් ඇතුළු වූ බව පවසමින් ඇල්බයිරැක් ඇපල් සමාගමේ ආරක්ෂක කණ්ඩායමට ඊමේල් ලිපියක් යවා ඇත. එවන් ගිණුම් 2කට අනවසරයෙන් ඇතුළු වන අයුර ඔහු යූ ටියුබ් වීඩියෝවක් ලෙස අන්තර්ජාලයට නිකුත් කරමින් තර්ජනය කර ඇත්තේ අයිටියුන්ස් තෑගි කාඩ්පත් ලබා නොදුන්නේ නම් iCloud ගිණුම් සතු දත්ත මුදා හරින බවත් ගිණුම් reset කරන බවයි.

ගිණූම් නිදහස් කිරීමට නම් ඩොලර් 75,000 ක් වටිනා ක්‍රිප්ටෝ මුදල්ලබා දෙන ලෙස ඇල්බයිරැක් පැවසූ නමුත් පසුව මෙය ඩොලර් 100,000 දක්වා වැඩි කර ඇත.

ඔහුගේ තර්ජනය යැවීමෙන් සති දෙකකට පමණ පසු ඔහු උතුරු ලන්ඩනයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි