×

Apple M2 Pro සහ M2 Max chips එලි දකී

Apple සමාගම විසින් 2023 ජනවාරි 17 ඔවුන්ගේ නවතම Apple Silicon chips ලෙසින් M2 Pro සහ M2 Max chips එලිදැක්වීම සිදු කෙරුණී. ඊට සමගාමී​ව Apple සමාගම විසි​න් එම chips වලින් බල ගැන්වෙන නවතම MacBook Pro සහ Mac mini පරිගණක එලිදැක්වීමටද කටයුතු කරනු ලැබීය. මේ නවතම chips, Apple සමාගම විසින් ඔවුන්ගේ Apple silicon chips වල M2 මාදිලියේ […]


Apple සමාගම විසින් 2023 ජනවාරි 17 ඔවුන්ගේ නවතම Apple Silicon chips ලෙසින් M2 Pro සහ M2 Max chips එලිදැක්වීම සිදු කෙරුණී. ඊට සමගාමී​ව Apple සමාගම විසි​න් එම chips වලින් බල ගැන්වෙන නවතම MacBook Pro සහ Mac mini පරිගණක එලිදැක්වීමටද කටයුතු කරනු ලැබීය.

මේ නවතම chips, Apple සමාගම විසින් ඔවුන්ගේ Apple silicon chips වල M2 මාදිලියේ වැඩිදියුණු කල සංස්කරණයක් ලෙස නිකුත් කිරීම සිදු කෙරුණි.

මෙම නවතම M2 Pro chip එක මඟින් නවතම Mac mini පරිගණකය මෙන්ම අඟල් 14 සහ අඟල් 16 තිරයකින් යුක්ත වන MacBook Pro මාදිලියේ පරිගණක බල ගැනිවීම කරයි. Apple සමාගම විසින් Mac mini මාදිලියේ පරිගණකයකට මෙවැනි බලවත් chip එකක් යෙදීම සිදු කල ප්‍රථම අවස්ථාවද මෙය වේ.

Apple සමාගම විසින් M2 Pro chip එක එලිදැක්වීමේදී සඳහන් කරන ලද ආකාරයට M2 Pro chip එක නිපදවීම සඳහා භාවිතා කර තිබෙන්නේ දෙවන පරම්පරාවේ 5nm process technology එක වන අතර එහි ට්‍රාන්සිස්ටර් බිලියන 40ක් අඩංගු වේ. එය M1 Pro chip එකෙහි ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයට වඩා ආසන්න වශයෙන් 20%කින් පමණ ට්‍රාන්සිස්ටර් වැඩි වීමකි.

M2 Pro chip එක M1 Pro chip එකට ප්‍රමාණයෙන් සමාන වන නමුත් ඒ තුල ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩිවීම නිසා ට්‍රාන්සිස්ටර් අතර ඇති පරතරය අඩුවීම නිසා එය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වනවා.

M2 Pro chip එකෙ​හි memory bandwidth එක 200GB/s වන අතර එය M2 chip එකෙහි මෙන් දෙගුණයකි. එමෙන්ම M1 Pro chip එකෙහි multithreaded CPU performance වලට වඩා 20%කින් M2 Proහි කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට Apple සමාගම කටයුතු කර ති​බේ.

මීට අමතරව Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටියේ M1 Pro chip එකෙහි ඇති Graphic speed එකට වඩා 30%කින් M2 Pro හි Graphic speed එක වැඩි බවයි. මේ හරහා Apple පරිගණක මත පරිගණක ක්‍රීඩා ධාවනය කිරීමේදී ඉතාමත් හොඳ graphic quality එකක් ලබා ගැනීමට බවද ඔවුන් එහිදී සඳහන් කෙරුණි.

M2 Pro chip එකෙහි මෙන්ම M2 Max chip එක M1 Max chip එකට ප්‍රමාණයෙන් සමාන වන අත​ර ඒ තුල ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩිවීම නිසා ට්‍රාන්සිස්ටර් අතර ඇති පරතරය අඩුවීම නිසා එය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු ​වේ.

M2 Max chip එකෙහි unified memory bandwidth එක 400GB/s වන අතර එය M2 Pro එක මෙන් දෙගුණයක වේගයක් වන අතර M2 chip එකෙහි ඇති වේගය මෙන් හතර ගුණයකි.

SOURCE: APPLE



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි