×

ඇපල් අයිෆෝන් අලෙවිය පහත වැටෙයි. සමාගමට බිලියන 55 ක පාඩුවක්

ඇපල් අයිෆෝන් අලෙවිය පහත වැටෙයි. සමාගමට බිලියන 55 ක පාඩුවක්


ගෝලීය වෙළඳපොළ තුළ විශාල කැළඹීමක් ඇති වීමට හේතු වූ මෙම පුවත අනාවරණය වී තිබෙන්නේ ටිම් කුක් විසින් ඇපල් සමාගමේ කොටස් හිමියන් වෙත යවා ඇති ලිපියකිනි. එයට අනුව සමාගමේ විශාලතම පාඩුව ‘ග්‍රේටර් චයිනා‘ කලාපයෙන් වාර්තා වේ. හොංකොං සහ තායිවානය ද මෙයට අයත් ය. ඇපල් උපාංග අලෙවියෙන් 20%කට වඩා වගකියන්නේ මෙම කලාපයයි.

තමන් විසින් මෙවැනි අවදානමක් පිළිබඳ බලාපොරොත්තුවෙන් නොසිටි බව ද ඇපල් ප්‍රධානියා තවදුරටත් අවධාරණය කරයි.

මෙම ලිපියේ වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධ වීමත් සමග ඇපල් කොටස් වෙළඳාම ද ඇණ හිටියේය.

අනතුරුව කොටස් වෙළඳාම ආරම්භ වන විට කොටස් මිල 8%කින් පමණ පහළ බැස තිබුණේ, සමාගමේ කොටස් වෙළඳපොළ වටිනාකමෙන් ඩොලර් බිලියන 55 ක මුදලක් අහිමි කරමිනි.

සිය ආදායම පහළ බැසීමට ප්‍රධාන කාරණය චීන ආර්ථිකය අඩාල වීම වශයෙන් හඳුනාගන්නා ටිම් කුක්, දෙවැනි කාරණය වශයෙන් හඳුනාගන්නේ ඇමරිකාව සහ චීනය අතර පවතින වාණිජ යුද්ධයයි. ඇතැම් චීන සමාගම් සහ චීන ආයතන විසින් සිය සේවකයන් හට ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරන්නැයි කියා තිබෙන බව ද මේ අතර වාර්තා වේ.

‘‘චීනය පුරා සමාගම් විසින් සිය කාර්ය මණ්ඩලයන් වෙත ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරන හුආවෙයි (Huawei) නිෂ්පාදන වෙත තම සහාය දක්වන්නැයි ඉල්ලීම් කර තිබේ‘‘ යැයි CNN පුවත් සේවය පවසයි. එයින් නොනැවතී ඇපල් නිෂ්පාදන පාවිච්චි කර හසුවන අයට දඬුවම් කරන බවට ද ඇතැම් චීන සමාගම් විසින් නිවේදන නිකුත් කර ඇත. එසේම චීන නිෂ්පාදන මිලට ගන්නන් සඳහා සහන සැලසීමට ද ඇතැම් සමාගම පියවර ගෙන තිබේ.

කෙසේ හෝ මේ සියලු කාරණාවල ප්‍රතිඵලයක් වශයෙන් 2018 වසරේ අවසන් කාර්තුවේදී ඇපල් සමාගමේ ඉපැයීම් ඩොලර් බිලියන 93 සිට ඩොලර් බිලියන 84 දක්වා අඩු වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි