×

මෝඩයාගේ දවසේ අන්තර්ජාලය කැළඹූ හොඳම විහිළු සහ නරකම විහිළු

අප්‍රේල් 1 වැනිදාට යෙදී තිබෙන ‘මෝඩයාගේ දිනය‘ දා විහිළු කිරීම නවතා ගන්නට ලෝකයේ ප්‍රකට පුවත් සමාගම් පමණක් නොව ගූගල් වැනි ටෙක් යෝධයන් පවා අසමත් වී තිබේ.


ඊයේ දිනයේ ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ද මේ අන්දමේ විහිළු රැසක් දක්නට ලැබිණි. ඒවායින් ඇතැමක් ඇස් රතුවන විහිළු ද විය. කෙසේ නමුත් මේ ලිපියෙන් විමසා බැලෙන්නේ ලෝකයේ ප්‍රකට පුවත් සමාගම් සහ ටෙක් යෝධයන් විසින් මෝඩයාගේ දවසේ කළ හොඳ සහ නරක විහිළු කිහිපයකි.

පුවත්පත්

‘ද ඩේලි එක්ස්ප්‍රස්‘ පුවත්පත ඊයේ උදෑසනින්ම වාර්තා කළේ බ්‍රිතාන්‍යය, යුරෝපයේ ලොකුම සංගීත තරගය වන ‘යූරෝවිෂන්‘ තරගයෙන් සදහටම ඉවත් වන බව ය! සැකයක් නොසිතන්නට යුරොවිෂන් තරගයේ ප්‍රකාශකයෙක් මෙසේ ද කීවේය. ‘‘බ්‍රිතාන්‍ය සංගීත ලෝලීන්ට ඒක අවසානාවක් වේවි. නමුත් අනෙක් සාමාජික රටවල සංගීත රසිකයන් සහ තරගකරුවන්ව ආරක්ෂෘ කරගන්නට අපට යුතුකමක් තිබෙනවා!

මේ අතර ‘ද ඩේලි ටෙලිග්‍රාෆ්‘ පුවත්පත වාර්තා කළේ ශ්‍රීමත් ඔලිවර් කෝර්න්වෙල්ගේ යුගයේ නීතියක් යොදාගෙන අප්‍රේල් පළමුවැනිදා විහිළු තහනම් කරන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම නීතිය 1653 වසරේ එකක් බවත්, එමගින් අප්‍රේල් 1 වැනිදා සම්බන්ධයෙන් වැරදි තොරතුරු සහ වාර්තා පළ කිරීම නතර කරන්නට යන බවටත් එයින් කියැවුණි. බැලූ බැල්මට හොඳ වැඩක්!

බ්‍රෙක්සිට් විහිළු ද ලොව දස දෙසම සිසාරා පැතිර ගියේ මේ අතර ය. ‘මෝල්ටා ටුඩේ‘ පුවත්පත වාර්තා කර සිටියේ 1942 වසරේ 6 වැනි ජෝර්ජ් රජු විසින් මෝල්ටාවට ලබාදුන් ජෝර්ජ් ක්‍රොස් පදක්කම ආපසු ගැනීමට බ්‍රිතාන්‍යයේ තෙරේසා මේ කල්පනා කරමින් සිටින බව ය!

වසුරු පිඬක් පැන්ස 50 යි!

මේ අතර, ඕපාදූපවලටත් විහිළුවලටත් කුප්‍රසිද්ධ බ්‍රිතාන්‍යයේ ‘ද සන්‘ පුවත්පත අපූරු විහිළුවක් කළේය.

The Sun’s 50p poo piece.
 The Sun’s 50p poo piece. Photograph: oanslow1/The Sun

එයින් කියැවුණේ රාජකීය කාසි නිෂ්පාදනාගාරය, ඉමොජි කිහිපයක් දැක්වෙන සේ අලුත් කාසි මුද්‍රණය කර ඇති බවයි. ඒ අතර, අසූචි පිඬක් ද ඇති බව කියැවිණි. එම කාසියේ වටිනාකම පැන්ස 50 කි! (a Royal Mint collection of coin designs based on emojis, including a poo emoji 50p)

මේ අතර බ්‍රිතාන්‍යයේම ඩේලි මේල් පුවත්පත වාර්තා කළේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නොහොත් ඩවුනින් ස්ට්‍රීට් අංක 10 හි ජීවත් වන බළලා – ලැරී වෙනුවෙන් එහි දොරටුවේ පිවිසුම් විවරයක් සාදා තිබෙන බව ය! එහි කදිම ඡායාරූප කිහිපයක් ද ඔවුන් විසින් පළ කර තිබිණි.

Daily Mail’s April Fool cat flap.
 Daily Mail’s April Fool cat flap. Photograph: DAILY MAIL

බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය කළ විහිළුව

මේ අතර බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය ද මෝඩයාගේ දිනයට සම්මාදම් වන්නට අමතක කළේ නැත. ඔවුන් නිල වශයෙන් නිවේදනය කර තිබුණේ මග යනෙන ගමන් ‘ගඳ ගසන ස්නැක්ස්‘ කන අයට පවුම් 2000 ක බැගින් දඩයක් ගසන බව ය!

Lego සහ McDonalds

ලෙගෝ සමාගම, අප්‍රේල් 1 වැනිදා වෙනුවෙන්ම නවතම සොයාගැනීමක් කර තිබිණි.

Lego’s “Find my brick” April Fool joke
 Lego’s “Find my brick” April Fool joke Photograph: Lego

මේ අතර එක්සත් රාජධානියේ මැක්ඩොනල්ඩ්ස් සමාගම මැක් ෆ්‍රයිස් පොඟවා කා හැකි මිල්ක්ෂේක් සෝස් වර්ගයක් හඳුන්වා දුන්නේය!

Google වෙතින් කතා කරන ටියුලිප්!

ඔබට දැන් ඔබේ ටියුලිප් මල සමග කතා කළ හැකිය. ඔබ කියන දේවල් ගැන ටියුලිප් මල සිතන්නේ මොනවාදැයි දැනගත හැකි වන අන්දමින් දැන් ටියුලිප් භාෂාව ඩීකෝඩ් කර තිබේ. අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ ටියුලිප් මලක්, හිරුඑළිය, ජලය සහ පස ය!

මේ වීඩියෝවේ අවසානයේ දැක්වෙන්නේ මෙම ඇප් එක අප්‍රේල් 1 වැනිදාට පමණක් සීමා වන එකක් වන බව ය. එහි කිසිවෙකුට අදහස් දැක්විය නොහැකි පරිදි කමෙන්ට්ස් ඩිසේබල් කර තිබේ!

Loading video
Google Tulip promotional video

Nokia ‘නයි සෙල්ලම‘ Google Maps වලින්!

මේ අතර, ගූගල් සමාගම විසින්ම, නොකියා ජංගම දුරකථනයේ ‘නයි සෙල්ලම‘ (snake game) ගූගල් මැප්ස් සමග සෙල්ලම් කළ හැකි පරිදි තාවකාලික වර්ෂන් එකක් ද ඊයේ දිනය සඳහා හඳුන්වා දෙන බව පවසා තිබිණි.

Tinder – උස ගැන පිරිමි කියන බොරුවලට විසඳුමක්

මේ අතර, පුරුෂයන් ඩේටින් ඇප්ස්වලදී සිය උස ගැන සඳහන් කරන ව්‍යාජ තොරතුරුවලට වැට බැඳීම සඳහා Tinder විසින් අපූරු ‘වෙරිෆිකේෂන් බැජ්‘ එකක් හඳුන්වා දී තිබිණි. ඒ අනුව සහකාරියන් සොයාගැනීමට ටින්ඩර් හරහා අන්තර්ජාල ගත වන පිරිමින් ඊයේ දිනයේ කළ යුතු වූයේ, ඕනෑම වාණිජ ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිට තමන්ගේ ඡායාරූපයක් ගැනීමයි. එවිට ටින්ඩර් විසින් එම ගොඩනැගිල්ලේ උසට සාපේක්ෂව පිරිමියාගේ සැබෑ උස කුමක්දැයි නිගමනය කර ‘උස සහතිකයි‘ ලාංඡනය නිකුත් කරනු ඇත!

‘‘සෙක්ස් එපා‘‘ – BBC

මේ අතර BBC iPlayer විසින් “skip the sex” නමැති button එකක් හඳුන්වා දී තිබුණේ ඔබ දෙමාපියන් හෝ දරුවන් සමග බීබීසී නරඹන විට අපහසුතාවන්ට ලක්වීම නැවැත්වීම සඳහා ය!

ව්‍යාඝ්‍ර තිත් ඇති කෝලා වලසෙක්

මේ අතර ඔස්ට්‍රේලියාව, ව්‍යාඝ්‍රයෙකු මෙන් දිස්වන තිත් සහිත කෝලා වලසෙක් ගැන නවතම තොරතුරු නිකුත් කර තිබුණේ මෙසේ ය.

මේ අතර කේම්බ්‍රිජ්ෂයර් පොලිසිය, මත්ද්‍රව්‍ය ඉවකිරීමෙන් හඳුනාගත හැකි හාවෙක් හඳුන්වා දී තිබිණි.! (drug sniffer bunny)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි