මේ වයසේ දරුවෙකුට තිබෙන්නට පුළුවන් යැයි කොහෙත්ම සිතිය නොහැකි ආකාරයට ඔහුට සික්ස්-පැක් ඇඟක් තිබේ.
එය, ඔහුගේ පියා විසින් වයස අවුරුදු 1 සිටම පාපන්දු ශූරයෙකු වීම සඳහා ඔහුට දැඩි පුහුණුවක් ලබාදීමේ ප්‍රතිඵලයයි.
ඉරානයේ උපන් පුංචි අරාත්, දැන් දිවි ගෙවන්නේ ලිවර්පූල් නුවර ය. එය ද, ලිවර්පූල් හි වෘත්තිමය පාපන්දු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා සමාජය වන ලිවර්පූල් ෆුට්බෝල් ක්ලබ් – Liverpool F.C. වෙත ඇතුළත් වන්නට අවස්ථාව ලබා දී තිබේ.
පියා විසින් පුහුණු කරමින්
පාපන්දු ක්‍රීඩාවේ පමණක් නොව අරාත්, ජිම්නාස්ටික් ක්‍රීඩාවේද ශූරයෙකි. අහසේ කරණම් ගසමින් පාපන්දුවට පහර දෙන්නට ඔහු දැනටමත් දක්වන්නේ අති මහත් දස්කමකි.
අරාත් හුසේනිට ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයෝ මිලියන 4 ක් සිටිති.
ඔහුගේ arat.gym ප්‍රොෆයිලයේ මෑතකදී දැකගන්නට ලැබුණේ කික්-අප්ස් 3000 ක් නොකඩවා ඔහු විසින් සම්පූර්ණ කරන ආකාරයයි. නොකඩවා, කිසිදු වෙහෙසක් නැතිව පාපන්දුවට තුන්දහස් වතාවක් ඔහු බිම නොදමා පහර දුන් ආකාරය බොහෝ දෙනාගේ සිත් පැහැරගෙන තිබේ.
‘‘මට ඕනෙ ලෝකෙ හොඳම පාපන්දු තරුව වෙන්න.‘‘ යැයි පුංචි අරාත් කියයි. ‘‘මම කවදහරි මෙසීවත් පරද්දනවා‘‘.
ආරාත්ගේ පාපන්දු ලෝකයේ වීරයන් වන්නේ ලයනල් මෙසීටත් වඩා ක්‍රිස්ටියානෝ රොනාල්ඩිනෝ ය. ක්‍රිස්ටියානෝගේ පෙනුමට සමාන පෙනුමක් දැනටමත් පුංචි මෙසීට තිබේ.
බ්‍රිතාන්‍ය පවුම් මිලියන 26 ක වාර්ෂික වැටුපක් ලබන ආර්ජන්ටිනා ජාතික ලයනල් මෙසී ද මේ වන විට ‘පුංචි මෙසී‘ට බෙහෙවින් ප්‍රිය කරන බවත්, ඔහුගේ දක්ෂතා අගය කරන බවත් වාර්තා වේ. ඔහු බාසිලෝනා පාපන්දු කණ්ඩායම ද නියෝජනය කරයි.
සමාජ මාධ්‍යවල සක්‍රිය චරිතයක් නොවන ලයනල් මෙසී, පුංචි මෙසීගේ හපන්කම් සහිත වීඩියෝව දැකීමෙන් පසුව ඔහුට ස්තූතිකරමින් සුබ පතා තිබුණේ මෙසේ ය.
“Thanks Arat !! I see a lot of class there, impressive! Hug!! ”