×

පැණි බීම පානය කර පිළිකාවට අත වනමු ද?

සීනි සහිත පානයන් නිසා පිළිකා අවධානම වැඩි බව නවතම පර්යේෂණ වලින් අනාවරනය කරයි.


සීනි සහිත පානයන් සහ අනෙකුත් සේාඩා පානයන් පිළිකා අවධානම වැඩි කරන බවට නවතම පර්යේෂණ මගින් හෙළිවී තිබේ.
බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය වාර්ථා කළ අන්දමට පුද්ගලයින් 100000 ට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයක් මගින් මේ පිළිබදව අනාවරණය කර ගෙන ඇත.
සෝබෝන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදු කරන ලද අතර ඊට අනුව

පිළිකා අවධානම වැඩි කරන පැණි බීම මොනවාද?
5%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් සීනි අඩංගු වන පානයන් මේ යටතට ගැනේ. පළතුරු බීම( සීනි රහිත ලෙස සටහන් වූ ඒවා පවා) , මිල්ක්ෂේක්ස්, සොෆ්ට් ඩ්‍රින්ක්ස්, ශක්ති ජනක පානයන්, සීනි සහිත කෝපි හෝ තේ.. මේ සියල්ල ඒ යටතට ගැනේ.

පැණි බීම නිසා පිළිකා අවධානම කෙතරම්ද
මෙම පර්යේෂණයට අනුව දිනකට අමතරව ගන්නා සීනි සහිත පානයන් මිලි ලීටර් 100, සතියකට බීම කෑන් දෙකක් මගින් පිළිකා අවධානම සියයට 18%කින් වැඩි වේ.
පර්යේෂණයට අනුව ඒ සදහා සහභාගී කරගත් සෑම පුද්ගලයින් 1000ක් අතරින් 22ක් සදහා පිළිකා වැළදී ඇත.


ඔවුන් 1000 දෙනාම දිනකට අමතර පැණි බීම පිලි ලීටර් 100ක් පානය කළහොත් වසර 5ක් තුළ ඔවුන්ගෙන් 26 දෙනෙක් සදහා පිළිකා වැළදීමේ අවධානම පවතින බව අනාවරණය වී ඇත.
පර්යේෂණය මෙහෙයවූ වෛද්‍ය ග්‍රැහැම් වීලර් පවසන්නේ තවමත් මෙයට හේතුව අනාවරණය නොවී ඇති අතර ඉදිරි පර්යේෂණ වලදී එය අනාවරණය කර ගන්නා බවයි.
යොදා ගත් නියැදියෙන් පර්යේෂණය අතර තුර 2193 දෙනෙකු සදහා පිළිකා වැළදී ඇති අතර ඉන් 693 ක් සදහා පියයුරු පිළිකාද, 291 දෙනෙකු පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාද 166 ක් බඩවැල් ආශ්‍රිත පිළිකා වලටද ලක් වූ ඇත.

මේ අනුව දිනකට මිලි ලීටර් 185කට වඩා පැණි බීම පානය කරන පුද්ගලයන් ට වැඩි පිළිකා අවධානමක් ඇති බව අනාවරණය කර ගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි