×

අතීතයේ විසූ යෝධ මිනිස්සු

ලෝක ඉතිහාසයේ අසන්නට ලැබෙන මිනිස් යෝධයන් කිහිප දෙනෙක්.


සාමාන්‍ය මිනිසෙකුගේ ප්‍රමාණයට වඩා උසින් යුත් හෝ බරින් යුත් මිනිසුන් ගේ ජීවිත ගැන අනෙක් අය අසන්නට දකින්නට කැමති වුවත් ඔවුන් නම් සිය විශේෂීත බව නිසා අපහසුතාවලට ලක්වන වාර ජීවිතයේ අනන්තය . සාමාන්‍ය ලෝකයේ සෑඹ දෙයක්ම පාහෝ සැකසෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ මිනිසුන්ගේ ඕනෑ එපාකම් අනුවයි. විශේෂිත මිනිසුන් බෙහෝමයකට බෙහෝ විට සිය ජීවිතය අවසන් කරන්නට සිදු වන්නේ මේ හේතුවෙන් පැන නැගෙන ගැහැට වලට මුහුණ දෙමිනි. සාමාන්‍ය මිනිසුන් ලෙස ඔවුන්දෙස බලනවාට වඩා බෙහෝ විට ඔවුන් දෙස ලෝකය බලන්නේ අමුතු මිනිසුන් ලෙස වීමද ඔවුන් ට සිදු වන එක්තරා පීඩනයකි. ලෝක ඉතිහාසයේ අසන්නට ලැබෙන මිනිස් යෝධයන් කිහිප දෙනෙක්.

10 ෆියොදෝර් මැක්නොවු Fyodor Makhnov

Photo credit: viola.bz

1978 බෙල්රස් හීදී උපත ලද ඔහු වයස අවුරුදු 8දී අසාමාන්‍ය ලෙස වර්ධනය වන්නට පටන් ගත්තේය. . ඔහුට වයස අවඅරඅදඅ 14ක් වන විට ඔහුගේ උස සෙ.මී 200කි එනම් අඩ්
6’7″ කි ඔහුටම කියා වෙනම ඇදුම් සහ සපත්තු මසා ගන්නට ඔහුට සිදුවූ අතර ඔහු පැලදී බූට් සපත්තු වල ප්‍රමාණය සාමාන්‍ය මිනිසෙකුගේ ඉණ දක්වා උසින් යුක්ත විය . කුඩා ළමුන් ක්‍රිඩා කරන විට ඔහුගේ සපත්තු තුළ සැගගවෙන්නට පුරුදුව සිටියහ.

පසුව ඔහු අඩි 8කටත් වඩා උස ගිය අතර ඔහුට වඩා අඩි 3’3″ අඩු උසුකින් යුත් කාන්තාවක හා ඔහු විවාහ විය. සිත් අදහා ගත නෙහෙැකි ආහාර රුචියක් ඔහුට තිබූ අතර ඔහුගේ උදෑසන ආහාර වේල බිත්තර 20ක් පාන් ගෙඩි 8ක් සහ කිරි ලීටර් 2ක් ඔහුට අවශ්‍ය විය. දහවල් ආහාරය සදහා අල කිලෝ ග්‍රෑම් එකක් මස් කිලෝ එකක්, බියර්ආ ලීටර්හා 3ක් ඔහු ආහාරයට ගත්තේය. ඔහුගේ රාත්‍රී ආහාරය වූයේ පාන් ගෙඩියක් බිත්තර 15ක් කිරි ලිටර් එකකි. 1912 දී ඔහු ජීවිතයෙන් සමුතග් අතර එවිට ඔහුට වයස අවුරුදු 34ක් විය.

9 ඇඩම් රේනර් Adam Rainer

Photo credit: businessinsider.comallthatsinteresting.com

ඇඩම් රේනර් යනු ලෝකයේ සිටි එකම අගුටු මිට්ටෙක් ලෙස ඉපදී යෝධයෙකු ලෙස මිය ගිය මිනිසාය . 1899 දී  ඔස්ට්‍රියාවේ උපත ලද ඔහු . පළමු ලෝක යුද්ධයේදී හමුදාවට බැ‍ෙඳෙන්නට උත්සහා කළේය නමුත් ඔහු ඊට ප්‍රමාණවත් තරම් උසක් නොතිබීම හේතුවෙන් එම සිහිනය සපුරා ගන්නට ඔහුට නොහැකි විය., එවිට උස අඩි 4යි අගල් 10ක් විය. ඔහු වයස අවුරුදු 19දීත් හමුදාවට බැදෙන්නට නැවත උත්සහා කළද උස නොමැතිකම නිසා ඔහුව ප්‍රතික්ෂේප විය.

අවුරුදු 21 දී ඔහුගේ වර්ධනය ඇරඹුණ අතර ඔහු ක්‍රමයෙන් අඩි 7 අඟල් 1ක් දක්වා උස ගියේය ඔහුගේ මුහුණ හා හකු ඇට විශාල විය මෙසේ ක්‍රමයෙන් විශාල වීම සම්බන්ධව ඔහු සැත්කමකට පවා සහභාගී වන්නට ඔහුට සිදු විය. නමුත් සැත්කම ඔහුට එම අසීමිත වර්ධනය නතර කර ගන්නට උපකාරී නොවීය. ඔහුගේ සෞක්‍ය ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය දෙඇස් අඳ වූ අතර එක් කණක් බිහිරි විය. ඔහු අවඅරුදු 51දී මිය යන විට ඔහුගේ උස අඩි 7යි අගල් 8ක් විය.

8 ඇනා හයිනිංග් බේට්ස් Anna Haining Bates

Photo credit: Wellcome Images

නැගෙනහිර කැනඩාවේ නෝවා ස්කෝර්ටියා හී ඇය උපත ලැබුවේ 1846 වසරේදීය. ඇය අසාමාන්‍ය ලෙස වර්ධනයට පටන් ගැනීඹට පෙර සාමාන්‍ය දැරියන් මෙන්ම විය. ඇය වයස අවුරුදු 5 වන විට ඇගේ උස අඩි 4යි අඟල් 8ක් විය ඇගේ බර කිලෝ ග්‍රෑම් 45ක් විය. අවුරුදු 5ක දැරියකට එය අසාමාන්‍ය උසක් හා බරකි. ඇයට අවුරුදු 22 වන විට ඇගේ උස අඩි 7යි අගල් 6ක් තරම් විය . 1865 වසරේදී ඇය සිටි ගොඩ නැගිල්ල ගිනි ගැනීමෙන් ඇයට ජීවිතය අහිමි වන්නට ගියේ ඇගේ උසත් සමග ගින්න ඇති වූ ගොඩනැගිල්ලෝ ජනේලයෙන් ඇයට එළියට පනින්නට නොහැකි වීම හේතු වෙනි. පසුව පිරිසක් ගොඩනැගිල්ලේ ජනේලය කඩා ඇයව පිටතට ගත්හ. ඒ ක්‍රේන් එකක ආධාරයෙනි.

1871 දී ඇයට ඈ තරමටම යෝධ මිතුරෙකු හමු වූ අතර ඔහු මාටින් වෑන් බරේන් නම් විය. ඔහුව කෙන්ටකි ජයන්ට් නමින් හැදින්වූයේය. ඔවුන් දෙදෙනාගේ නිවස සාමාන්‍ය නිවසකට වඩා විශාලක්වයෙන් නිම විය. ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටි අතර ඉපදෙන විට එක් දැරියක් අගල් 27ක් උස වූ අතර ඇගේ බර කිලෝ ග්‍රෑම් 8ක් විය. ඇය ඉපදී සුළු මොහෝතතට පපසු මිය ගියාය. තවත් පිරිමි දරුවෙකු ඔවුන්ට ඉපදුන අතර ඔහු අගල් 30් වියත බර කිලෝ ග්‍රෑම් 10ක් විය. ඉපදී පැය 11කට පසු ඔහුද මිය ගියේය. සිය අසාමාන්‍ය විශාලත්වය නිසා ජීවිතයේ ගැහැට රැසකට මුහුණ දුන් අැනා 1888සිය වයස අවුරුදු 41 දී සිය ජීවිතයට සමුදුන්නාය.

7 චෑන්ග් යූ සින්ග් Chang Yu Sing

Photo credit: Wellcome Collection

චීණ අධිරාජ්‍යයේ සාමාජිකයෙක් ලෙස පත් යූ චන්ග් ගේ උස අඩි 7යි අඟල් 9ක් විය. තවත් නම් කිහිපයකින්ම හැඳින් වූ ඔහු පසු කාලීනව එංගලන්තයේ ජීවත් විය ඒ වසර දෙකක් සඳහාය. දහස් ගණන් ජනතාව ඔහුව බැලීමට පැමිණි අතර ඒ සෑම අයෙක්ගෙන්ම මුදල් අය කර ගන්නා ලදී.

ඔහු සිය ජීවිතයේ වැඩි කාලයක් තමන්ව ප්‍රදර්ශනය කරමින් යුරෝපය පුරා ඇවිද ගියේය කාන්තාවන් කිහිප දෙනෙකුම ඇසුරු කළ ඔහු 1893 දී මිය ගියේය. ඔහුගේ අවසන් කැමැත්ත වූයේ ඔහුගේ අවසන් කටයුතු සඳහා මිතුරන් 50 දෙනෙක් පමණක් සහභාගී විය යුතු බවයි. ඔහුගේ මළ සිරුර බහාලීම සඳහා මීටර් 2.6ක පෙට්ටියක් සාදන ලදී.

6 ජෝෂප් එඩ්වඩ් බීයුප්රේ Joseph Edouard Beaupre

Photo via Wikimedia

ජෝන් එඩ්වඩ් උපත ලද්දේ 1881 ජනවාරි මස 9 වන දිනයි. ඔහුගේ දෙමවුපියන් සාමාන්‍ය උසින් යුත් මිනිසුසු විය. ඔහුගේ අසාමාන්‍ය වර්ධනය ආරම්භ වූයේ ඔහුට වයස අවුරුදු 3ක් වන විටයි.ඔහුට අවුරුදු 12ක් වන විට ඔහු අඩි 6කුත් අගල් 6කුත් බරින් යුක්ත විය. ඔහු අවරුදු 17 දී අඩි 7 ඉක්මවා තිබූ අතර එම වයසේදී ඔහු කිලෝ ගෑම් 363කින් බරින් යුත් අශ්වයෙක් එසවීමට සමත් විය.

අශ්වයින්ගේ පිට යන විට ඔහුගේ කකුල් බිම ගෑවුණ අතර ඔහුට ජීවත් වන්නට හැකි වූයේ වයස අවුරුදු 23ක් දක්වා පමණි. ඔහු ඒ වන විටත් සර්කස් කණ්ඩායමක රැකියාව කළ නමුත් සර්කස් කණ්ඩායමේ හිමිකරුට ඔහුගේ අවසන් කටයුතු සදහා වියදම් දැරීමට අපොහොසත් විය. ඔහුට එවකට සිටියේ ඔහුගේ සීයා පමණක් වන අතර ඔහුටද එය අපහසු කටයුත්තකි විය මේ නිසාම කාලයක් ඔහුගේ මළ සිරුර අවමංගල්‍ය කටයුතු කරන ආයතන වලද තිබිණි. කෙසේ හෝ ඔහුගේ මළ සිරුර මොනිට්‍රියල් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ සදහා තැන්පත් කර තිබිණි. නකමුත් පසුව ඔහුගේ පවුලේ අයගේ ඉල්ලීම මත ඔහු මියගොස් හරියටම වසරකට පසු සිරුර මිහිදන් කරනු ලැබීය. ]

5 පැට්‍රික් කොටර් ඔබ්‍රින් Patrick Cotter O’Brien

Photo credit: irishpost.com

1760 අයර්ලන්තයේදී ඔහු උපත ලැබීය. ඔහු ගේ උස අඩි 8ක් සහ අගලක් විය. නිවෙස් සාදන්නෙක් ලෙස රැකියාව කළ ඔහුට බිත්ති බැදීම සදහා කිසිසේත්ම ඉණිමගක් අවශ්‍ය නොවීය.

පසුකාලීනව “O’Brien” නමින් තමන්ව ප්‍රදර්ශනය කිරීමේ ව්‍යාපරයක් ඇරඹූ අතර ඔහු වයස අවුරුදු 46දී මිය ගියේය.

4 ආතර් කැලී Arthur Caley

Photo credit: BBC

ආතර් කැලී උපත ලැබුවේ 1824 වසරේදීය. ඔහු තුරුණු වියට පානගන තෙක්ම සාමණ්‍ය මිනිසෙක් සේ වැඩුනද හිටි හැටියේ ඔහු අසාමාන්‍ය ලෙස වර්ධනයට පටන් ගත්තේය ඔහු අඩි 7යි අගල් 11ක උසින් හා කිලෝ ගෑම් 178ක බරින් යුක්ත වූ අතර ඔහු තවමත් “Manx Giant.” නමින් ප්‍රසිද්ධය. ඔහු අනෙක් උස පුද්ගලයන් මෙන් උසින් පමණක් නොව මහතින්ද වැඩි වන්නට පටන් ගත් නිසා ඔහු සැබෑම යෝධයෙකු විය.

ඔහු හිටි හැටියේම අතුරුදන් වන තෙක්ම ඔහු කළේ පැරීසිය, ලන්ඩනය, මැන්චෙස්ටර් ආදී නගර වල ඇවිදිමින් අනෙක් උස පුද්ගලයන් සේම තමන්ව ප්‍රසිද්ධ කරවීමය. හිටි හැටියේ ඔහුගේ අතුරුදන්වීම පිළබදව ඔහුගේ මව පවසන්නේ ඔහු මිය ගිය බවත් වළලා දැමූ බවත්ය. නමුත් ඇතැමුන් විශ්වාස කරන්නේ ඔහු මත තිබූ රක්ෂණාවරණයක් ලබා ගැනීමට ඔහු සැගවුණ බවත් ඒ වෙනුවට ගසක් වළලා ඇති බවත්ය. නමුත් පසු කාලීනව ඔහු සැබවින්ම මිය නොගිය බව හා ඔහු ඇමරිකාවේ සර්කස් ප්‍රදර්ශනයක් සදහා සහභාගී වූ බව හෙළි විය.

3 රොබට් වැඩ්ලෝ Robert Wadlow

Photo credit: spiegel.de

1918 උපත ලද රොබට් වැඩ්ලෝ Robert Wadlow  සාමාන්‍ය දරුවෙකු ලෙස උපත ලැබුවද වයස අවුරුදු 5ක් වන විට අසාමාන්‍ය ලෙස වර්ධනය වන්නට පටන් ගත්තේය. අවුරුදු 5දී අඩි 5 අගල් 4ක උසින් යුතු වූ ඔහුට තමන්ට වැඩිමල් තරුණයින් සදහා වූ ඇදුම් ඇදීමට සිදු විය.

දිනකට වැඩි ආහාර ප්‍රමාණයක් ගත් ඔහු දිනකට කැලරි 8999ක ප්‍රමාණයක් ආහාරයට ගත්තේය.දිගු හුරමිටියක් ඇවිදීම සදහා ඔහුට අවශ්‍ය වූ අතර එහු පාවහන් පැළදුවේ ඉදහිටය..1940 වසරේ ඔහු කකුලේ වැළදුන් තුවාලයක් ආසාදනය වීම හේතුවෙන් මිය ගියේය.ඔහුගේ මිනී පෙට්ටිය මීටර් 3.3ක දිගින් යුක්ත විය. ඔු අවසන් වතාවට ඔහුගේ උස මනිනන විට ඔහුගේ උෂ අඩි 8 අගල් 11කින් යුක්ත විය.

2 ඇන්ගස් මැකස්කිල්Angus MacAskill

Photo credit: nothingtoseehere.net

1825 ස්කොට්ලන්තයේ උපත ලද ඇන්ගස් අද වන විට ලොව උසම පුද්ගලයන් ලෙස ලෝක වාර්ථා තැබූවන් අතරේ ඉදිරියෙන්ම සිටී. ඔහුද සැබෑම යෝධයෙකි. ඔහු උපතේදී ඉතා කුඩා අයෙක් වූ අතර ඔහුගේ උස යෑම අන් පුද්ගලයන්ගේ මෙන්ම අසාමාන්‍ය උස යෑමක් නොවීම ඔහුගේ වාර්ථාවට හේතුවයි. අඩි 7 අගල් 9ක් සාමාන්‍ය මිනිසෙක් ලෙස උස ගිය ඔහුගේ උර හිසෙහි පළල අගල් 80ක් විය. ඔශුගේ පතුල් අගල් 41 දිගින් යුත් වූ අතර අ්ල අගල් 8කින් යුක්ත විය. කිලෝ ග්‍රෑම් 227ක බරින් යුත් ඔහු නැවක නැංගුරම තනිව එසවීමට සමත් විය.

පොර බදින්නෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඔහුට ඉල්ලීම් රැසක් ගලා ආ අතර ඔහු එය ආරම්භ කළ පසු එම ක්‍රීඩාවේ නියැලුන බොහොමයක් දෙනා තරග කිරීම නවතාලන ලදී,

1 බර්නාඩ් කොයිනි Bernard Coyne

Photo credit: hpwood.net

බර්නාඩ් ද ජයන්ට් හෙවත් බර්නාඩ් කොයිනි පළමු ලෝකයුද්ධයේ හමුදා නිළධාරියෙකු වූ අතර උස අඩි 5 අගල් 8කින් යුත් විය. අනෙක් බෙහෝ අසාමාන්‍ය උස මිනිසුන් ලෙසම ඔහුද උෂ යෑමට හේතුවූයේ පිටියුටරි ග්‍රන්ථියේ අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙනි. ඔහුගේ දෙමවුපියන් ඔහුව ප්‍රදර්ශනය කර මුදල් ඉපයූහ. නමුත් පසු කාලීනව දෙවියන් කෝප වේ යැයි සිතා ඔවුහු එය නතර කළහ. ඔහු අවුරුදු 23දී මිය ගියේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි