×

ගබ්සාව නීතිගත කිරීමට ආර්ජන්ටිනාවේ අනුමැතිය!

ලතින් ඇමරිකාවේ ඉහළ බල පරාක්‍රමයක් පවත්වා ගෙන සිටින කතෝලික පල්ලිය මෙම පියවරට විරුද්ධ වී ඇති අතර, ඔවුන් සෙනට් සභිකයන් හට බලකර ඇත්තේ අදාළ පනත ප්‍රතික්ෂේප කරන ලෙසයි.


ගැබ්ගැනීමෙන් 14 වන සතිය දක්වා කාලය ඇතුළත ගබ්සා කිරීම නීතිගත කර කිරීමට ආජන්ටිනාවේ කොන්ග්‍රසය තීරණය කර තිබේ.

ලොව ඉතාම දැඩි නීති සහිත රාජ්‍යයක් වශයෙන් ප්‍රසිද්ධ ආර්ජන්ටිනාව එවන් ප්‍රගතිශීලී තීන්දුවක් ගැනීම එරට ජනතාව අතර සුවිසල් වෙනසක් සිදුකරනු ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ දක්වා ගබ්සාවට අවසර ලබාදී තිබුනේ ලිංගික අපයෝජනයක දී හෝ මවගේ සෞඛ්‍යය අවදානමට කල්වූ අවස්ථා වලදී පමණි.

ගතවූ මස මුලදී මෙම පනත් කෙටුම්පත නියෝජිත මණ්ඩලය විසින් අනුමත කර තිබුණි. නොකඩවා පැවති විවාදයන් අවසානයේ මෙම තීරණයට සෙනෙට් සභිකයින් 38 ක් පක්ෂව ද 29 ක් විපක්ෂවද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එක් සෙනට් සභිකයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව ද වාර්තා වේ.

ලතින් ඇමරිකාවේ ඉහළ බල පරාක්‍රමයක් පවත්වා ගෙන සිටින කතෝලික පල්ලිය මෙම පියවරට විරුද්ධ වී ඇති අතර, ඔවුන් සෙනට් සභිකයන් හට බලකර ඇත්තේ අදාළ පනත ප්‍රතික්ෂේප කරන ලෙසයි.

ආර්ජන්ටිනාවේ මධ්‍ය-වාමාංශික මතධාරී ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් මෙම පනතට සහය පළ කර තිබේ.

කලාපය තුළ විශාලතම හා වඩාත්ම බලගතු රටක් වන ආර්ජන්ටිනාවේ මෙම නීතිය සම්මත කිරීම අනෙක් රටවලට ද ආදර්ශයක් වනු ඇති බවට ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

දීර්ඝ වාද විවාද මැද නිකුත් වීමට නියමිත තීරණය පිළිබදව දැනගැනීමේ අභිලාශයෙන් ගබ්සාවට පක්ෂව සහ විපක්ෂව විශාල ජනකායක් බුවනෝස් අයර්ස් පිහිටි කොන්ග්‍රස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි අතර බදාදා (30) අලුයම පැවැත්වූ ඡන්දයෙන් අනතුරුව මෙම නව පනත්ට පක්ෂ පිරිස් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් සතුට බෙදාගත් බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි