×

එල් සැල්වදෝරයේ කල්ලි මර්දනය වෙනුවෙන් 10,000ක බට පිරිසක් යෙදවේ

ජනාධිපතිවරයා මෙය සඳහන් කර තිබුණේ රටතුළ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමෙන් පසු කල්ලි මර්දනය කිරීමේ දැවැන්ත මර්දනයක කොටසක් ලෙසයි.


එල් සැල්වදෝරයේ සොයපාන්ගෝ නගරය 10,000 පමණ බට පිරිසක් විසින් කල්ලි මර්දනය කිරීමේ දැවැන්ත මෙහෙයුමක දියත් කළ බව ජනාධිපති නයිබ් බුකෙලේ නිවේදනය කර ඇත.

සොයපාන්ගෝ නගරයේ 290,000 කට වැඩි පිරිසක් වාසය කරන අතර නගරයට පිවිසෙන සියලුම මාර්ග අවහිර කර ඇති අතර, විශේෂ බලකායන් කල්ලි සාමාජිකයන් සොයා නිවාස සෝදිසි කරමින් සිටියි. නගරයෙන් පිටවීමට උත්සාහ කරන සියලු දෙනා නවත්වා හැඳුනුම්පත් පරීක්ෂා කරන බවද වාර්තා වේ.


ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම මර්දනය අවංක පුරවැසියන්ට එරෙහිව නොවන බවත් අපරාධකරුවන්ට එරෙහි මෙහෙයුමක් බවත්ය. ඒ අනුව සාමාන්‍ය මිනිසුන්ට බියවීමට කිසිවක් නොවන බවත්ය.


පසුගිය මාර්තු 26 වන දින එක් දිනක් තුළ ඝාතන 62 ක් වාර්තා වීමත් සමඟ ජනාධිපති බුකෙල් මහතා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදි. එහිදී මිලියන 6.5 ක ජනතාවක් සිටින රටේ බලධාරීන් විසින් 58,000 කට වැඩි පිරිසක් සිරගත කරනු ලැබීය. වරෙන්තු නොමැතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඉඩ සැලසීම හා ඔවුන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ අයිතීන් කන්ඩායම් මර්දනයේ දැඩි ස්වභාවය පිළිබඳ විවේචන කළමුත් ජනාධිපතිවරයා මෙය සඳහන් කර තිබුණේ රටතුළ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමෙන් පසු කල්ලි මර්දනය කිරීමේ දැවැන්ත මර්දනයක කොටසක් ලෙසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි