×

සන්ජය දත් ගේ ජීවිත කථාව රැගත් ”සන්ජු” දින දෙකෙන් බොක්ස් ඔෆීස් වාර්ථා බිඳ දමයි.

දින පහක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 167.51 ආදායමක් ලැබූ sanju හී ප්‍රධාන චරිතයට රන්බීර් කපූර් විසින් පණ පොවා ඇත.


රාජ්කුමාර් හිරානි විසින් අධ්‍යක්ෂණය කළ ”සන්ජු”  Sanju චිත්‍රපටය දින පහක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 167.51 ආදායමක් ලබා ගත්තේය. එය හින්දි සිනමාවේ මෑත ඉතිහාසයේ සිදු වූ අග්‍රගන්‍ය ජයග්‍රහණයකි.

රන්බීර් කපූර් විසින් ප්‍රධාන චරිතයට පණ පොවන සන්ජු චිත්‍රපටය එහි දෙවන දිනයේදීම සිය දර්ශන වාර සියය පසුකළ අතර බෝක්ස් ඔෆිස් වාර්ථා බිඳ දමන්නට එයට හැකිවෙයි.

හින්දි සිනමාවේ දැවැන්තයෙක් වන සංජය දත් ගේ ජීවිත කථාව අලලා සන්ජු චිත්‍රපටය නිර්මාණය වී ඇත‍. මේ වන විට ඉන්දියාවේ සාර්ථකව තිරගත කෙරෙමින් පැවතුණ පද්මාවත්, රේස් 3 චිත්‍ර පට සියල්ල දින දෙකක් තුළ අභබවා යන්නට සන්ජු චිත්‍රපටයට හැකිවේ. මෙම දින කිහිපය තුළ තෙළිගු චිත්‍රපටයක් වන බාහුබලී හැරුණ විට චරිතාපදානයක් මෙවැනි වාර්ථා බිඳ දැමූ පළමු අවස්ථාව මෙය වෙයි.

මුන්නා බායි එම්.බී.බී එස්, ගාගේ රාහෝ මුන්නා බායි, PK ,3ඉඩියට්ස් වැනි වාර්ථාගත චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රාජ් කුමාර් හිරානි ගේ සාර්ථකම නිර්මාණය වන සන්ජූ ඔහු ගේ පළමු චරිතාපදාන චිත්‍ර පටය වෙයි.

සන්ජු චිත්‍රපටය හේතුවෙන් මේ වන විට එහි ප්‍රධාන චරිතය වන රන්බීර් කපුර්ගේ සිනමා ජීවිතයේද නව පිටුවක් පෙරළෙමින් පවතින බවට ඉන්දීය චිත්‍රපට විචාරකයන් අදහස් පළ කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි