සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් ගාසා තිරයට හෙලන බෝම්බ වලින් වාතයට එකතුවන ඇස්බැස්ටස්වල බලපෑම යුද්ධය නිමා වී දශක ගණනාවක් යනතෙක්ම එහි මරණ වලට වගකිව යුතු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇස්බැස්ටස් බාධාවකින් තොරව මිනිසුන්ට සුළු අවදානමක් ඇති කරන ඛනිජයක් වන නමුත් එය විසුරුවා හරින විට සහ වායුගෝලයට මුදා හරින විට ඉතා පිළිකා කාරකයක් වශයෙන් හඳුනා ගනියි.
පසුගිය ඔක්තෝබර් 7වන දා සිට ඊශ්‍රායලය ගාසා තිරයට බෝම්බ විශාල ප්‍රමාණයක් හෙලා ඇති අතර ප්‍රමුඛ ඇස්බැස්ටස් විශේෂඥ රොජර් විලී මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යට වාර්තා කර තිබුණේ, මෙය ගාසා තීරයේ බලපැවැත්වෙන මරණ දඬුවමක් හෙවත් දිගුකාලින ඛේදවාචකයක් වන බවයි.
ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සදහන් කර තිබුණේ, ඔවුන් විසින් ගාසා තීරයේ සරණාගත කඳවුරුවල ඇති හානියට පත් ගොඩනැගිලිවල සහ මඩුවල මෙන්ම අපද්‍රව්‍ය පයිප්ප, පිරිපහදු මධ්‍යස්ථානවලින් භයානක ඇස්බැස්ටස් වර්ගයක් වන නිල් ඇස්බැස්ටෝස් (ක්‍රොසිඩොලයිට්) සොයාගත් බවයි.
කෙසේ නමුත්, ඇස්බැස්ටෝස් නිරාවරණය වීමෙන් පෙනහළු, ස්වරාලය සහ ඩිම්බ කෝෂවල පිළිකා ඇතිවිය හැකි අතර හුස්ම හිරවීම, කැස්ස සහ ස්ථිර පෙනහළු හානි සිදුවිය හැකිය.