×

දෙවියන්ට අපහාස කළැයි දඩුවම් ලැබූ ආසියා බීබී ගේ නිදහස තහවුරු වෙයි.

මීට වසර 9කට පෙර 2010 වසරේදී අට වසරක සිර දඩුවම් සහ මරණ දඩුවම හිමිවිය.ඒ ඉස්ලාම් ආගමිකයන්ගේ දෙවියන්ට අපහාස කළ බවට චෝදනාව හේතුවෙනි.


දෙවියන්ට අපාහාස කළ බවට පාකිස්තානු ආගමික අන්තවාදී කණ්ඩායම් වල චෝදනාව ලද පාකිස්තාන ජාතික ආසියා බීබී ගේ නිර්දෝෂී බව නැවතත් පාකිසතාන අධිකරණය විසින් තහවුරු කරන ලදී,

විවාහයෙන් පසු ඉස්ලාම් කාන්තාවක් ලෙස සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පාකිස්තාන ආගමික අන්තවාදීන් විසින් ඇයව මාරා දැමිය යුතු බවට චෝදනා කළ අතර එරට අධිකරණය විසින් ඇයව මීට වසර 9කට පෙර 2010 වසරේදී අට වසරක සිර දඩුවම් සහ මරණ දඩුවම හිමිවිය.ඒ ඉස්ලාම් ආගමිකයන්ගේ දෙවියන්ට අපහාස කළ බවට චේදනාව හේතුවෙනි.


නමුත් පසුගිය ඔක්තොම්බර් මස පාකිස්තාන අධිකරණය නැවතතත් සිය තීන්දුව වෙනස් කරමින් ඈට නිදහස හිමි විය යුතු බවට ප්‍රකාශ කරන ලද්දේ විවිධ සමාජ කණ්ඩායම් විසින් ඇගේ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද දැවැන්ත ප්‍රතිවිරෝධය හමුවේය.

නමුත් දිගින් දිගටම ඈව මරා දැමිය යුතු බවට චෝදනා කළ ආගමික කණ්ඩායම් විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාර සහ කැරළි හේතුවෙන් අධිකරණය නැවතත් සිය තීරණය තහවුරු කිරීම කල් තබා තිබූ අතර ඒ අතරතුර අසියා බීබී ගේ සැමියාට සහ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට පාකිස්ථානය හැර යන්නට සිදු වන්නේ ඔවුනගේ ජීවිත වලට එල්ල වූ තර්ජනද සමගිනි.

ආසියා නොරීන් ලෙසින්ද නම් කරන ඇයගේ නිදහස යළිත් අධිකරණය විසින් ඊයේ දින තහවුරු කරන ලද්දේ ඇය විසින් නැවතත් අධිකරණය වෙත කරන ලද අභියාචනයන් සමගිනි.
ඒත් සමග ඇයට නැවතත් සිය පවුලේ සාමාජිකයින් එක්වන්නට හැකිව ඇත. මේ වන තෙක් ඇයව ඉස්ලාමාබාද් හී රහසි ගත ස්ථානයක රදවා තබා තිබූ අතර ඇයට අසල් වැසි රාජ්‍යයන් කිහිපයක්ම ආරක්ෂාව සැළසීමට සූදානම් බවට තහවුරු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි