×

ඇමසන් පැරදවීමට යන ආසියානු ධනවතාගේ ව්‍යාපාරය.

ආසියාවේ ධනවත්ම පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන සමූහ ව්‍යාපාරයක් ඉන්දියාවේ ඇමේසන් සමඟ තරඟ කිරීම අරමුණු කරගත් සේවාවක් ආරම්භ කර තිබේ.


ආසියාවේ ධනවත්ම පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන සමූහ ව්‍යාපාරයක් ඉන්දියාවේ ඇමේසන් සමඟ තරඟ කිරීම අරමුණු කරගත් සේවාවක් ආරම්භ කර තිබේ.

මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් Reliance Industries පැවසුවේ තම සිල්ලර බඩු බෙදා හැරීමේ සේවයට ලියාපදිංචි වන ලෙස ජනතාවට ආරාධනා කර ඇති බවයි. සිය දැවැන්ත ජංගම දුරකථන පාරිභෝගික පදනම ව්‍යාපාරය සඳහා උල්පතක් ලෙස භාවිතා කිරීමට සමාගම අපේක්ෂා කරයි.

රිලයන්ස් ඉන්ඩස්ටී‍්‍රස් හි සභාපතිවරයා වන අම්බානි මහතාට ඩොලර් බිලියන 60 කට වැඩි ධනයක් තිබේ. සමූහයේ ප්‍රධාන ව්‍යාපාරය වන්නේ තෙල් පිරිපහදු කිරීම වන අතර ඔහු සිල්ලර හා සන්නිවේදන ජාල ඇතුළු අනෙකුත් අංශවල ද විශාල ආයෝජන සිදු කර ඇත.

රිලයන්ස් සිල්ලර වෙළඳාම සතුව ඉන්දියාවේ සිල්ලර වෙළඳසැල් ඇති අතර හියුගෝ බොස් සහ බර්බෙරි ඇතුළු ගෝලීය වෙළඳ නාම සඳහා අලෙවිසැල් පවත්වාගෙන යයි. තවද 2019 දී බ්‍රිතාන්‍යයේ සෙල්ලම් බඩු සාප්පුවක් හැම්ලීස් මිලදී ගත්තේය. මිලියන 360 කට අධික ග්‍රාහකයින් සංඛ්‍යාවක් සිටින ඉන්දියාවේ දෙවන විශාලතම සන්නිවෙදන ජාල ක්‍රියාකරු වන්නේ රිලයන්ස් ජියෝ ය.

නව ඊ-වාණිජ්‍යය ව්‍යාපාරය ඉන්දියාවේ දැනට පවතින අන්තර්ජාල සිල්ලර දැවැන්තයින්ට විශාල අභියෝගයක් විය හැකිය.

අම්බානි මහතාගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ අනුබද්ධ සමාගම් දෙකක් වන රිලයන්ස් සිල්ලර හා රිලයන්ස් ජියෝ සමාගම් කියා සිටියේ තමන් මෙම ව්‍යාපාරය දනටමත් සුළු ලෙස දියත් කර ඇති බවයි.

ජියෝමාර්ට් පවසන්නේ සිල්ලර බඩු ලැයිස්තුවක් සඳහා “නොමිලේ සහ සීඝ්‍රගාමී බෙදාහැරීමක්” ලබා දෙන බවයි.

ජියෝමාර්ට් එහි ප්‍රතිවාදීන් මෙන් නොව, භාණ්ඩ සැපයීම සහ බෙදා හැරීම වෙනුවට යෙදුමක් app එකක් හරහා දේශීය වෙළඳසැල් පාරිභෝගිකයින්ට සම්බන්ධ කරයි.

ඉන්දියාවේ අන්තර්ජාල සිල්ලර වෙළඳපොල ළදරු අවධියේ පවතී. දැනට වසරකට ඩොලර් මිලියන 870 ක් පමණ ආදායමක් ඉන් ඉපයිය හැකි අතර ජනගහනයෙන් එවැනි සේවාවන් භාවිතා කරන්නේ 0.15%ක් පමණී.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ 2023 වන විට මෙම අංශයට වාර්ෂික විකුණුම් ඩොලර් බිලියන 14.5 ක් පමණ වනු ඇති බවයි.

සිල්ලර බඩු බෙදා හැරීම ඉන්දියාවේ ව්‍යාපාර සඳහා වන සටනේ ඊළඟ මායිම ලෙස දිගු කලක් තිස්සේ ඉඟි කර තිබේ.

අන්තර්ජාලය හා ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් විශාල සංඛ්‍යාවක් – සහ සංවිධානාත්මක නොවන සිල්ලර බඩු බෙදා හැරීමේ අංශයක් – එය යෙදුම් පාදක app-based සේවාවන් සඳහා හොඳ වෙළඳපොලක් බවට පත් කරයි. වොල්මාට් සහ ඇමේසන් ඇතුළු ලොව විශාලතම හා වඩාත්ම ප්‍රසිද්ධ තාක්‍ෂණ සමාගම් සමහරක් ද මේ වන විට ඊ මුදල් මෙන්ම සාමාන්‍ය මුදල් නෝට්ටු භාවිතා කරමින් වෙලදාමහි නිරත වීමට බලාපොරොත්තු වේ.

මෙය රිලයන්ස් සදහාඉතා පහසු දෙයක් වනු ඇත. දැනටමත් සිය ඔවුන්ගේ ජාලයට මිලියන සිය ගණනක් ග්‍රාහකයින් සිටින අතර, තමන්ගේම සිල්ලර වෙළඳසැල් මෙන්ම ජාත්‍යන්තර වෙළඳ නාම සඳහා සිල්ලර වෙළඳසැල් ද පවත්වාගෙන යයි.

තවද එයට ඉන්දියානු සමාගමක් වීමේ වාසිය ඇත. දේශීය ව්‍යාපාර ආරක්ෂා කිරීම අරමුණු කරගත් රජයේ නීති මගින් ඇමේසන් සහ වෝල්මාර්ට් අවකාශය පුළුල් කිරීමෙන් වළක්වා ඇත.

දැනටමත් වෙළඳපොලේ ක්‍රියාත්මක වන ඉන්දියානු තරඟකරුවන් සිටී – බිග් බාස්කට් සහ ග්‍රෝෆර්ස් ඉන් වඩාත් ප්‍රසිද්ධයි.

දුර්වල යටිතල පහසුකම්, විශ්වාස කළ නොහැකි ජංගම දුරකථන ජාල සහ දැඩි කම්කරු නීති වැනි ඉන්දියාවේ ක්‍රියාත්මක වීමේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතීන් පුළුල් කිරීමට හෝ වෙනස් කිරීමට ඔවුන්ට තිරිංග යෙදීමට සිදුවිය.

ඉන්දියාවේ ඊ-වාණිජ්‍ය වෙළඳපොලේ වර්තමානයේ ආධිපත්‍යය දරන්නේ ඇමසන් සහ ෆ්ලිප්කාර්ට් ය.
පසුගිය වසරේදී ඉන්දීය රජය විසින් විදේශීය සබැඳි සිල්ලර වෙළෙන්දන්ට තමන්ගේම උප සමාගම් වලින් භාණ්ඩ විකිණීම සීමා කරන නව නීති හඳුන්වා දීමත් සමග මෙම සමාගම් දෙකම පසුබෑමකට ලක් විය.

නව නීතිරීතිවලට යටත් නොවන ඉන්දියානු සමාගම්වලට ඔවුන්ගේ විදේශීය ප්‍රතිවාදීන්ට වඩා ඉහළ වටිනාකමක් ලබා දීමට මෙය උපකාරී විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි