×

ශ්‍රී ලංකාවේදී සිය වටිනාම වස්තුව අහිමි වූ  නෙදර්ලන්තයේ ධනවත්ම මිනිසා.

ෆොර්බ්ස් සගරාවට අනුව 46 හැවිරිදි ඔහුගේ පෞද්ගලික ධනය ඩොලර් බිලියන 7.3කි. එමෙන්ම ඔහු ස්කොට්ලන්තයේ ද විශාලතම ඉඩම් හිමියාය‍


හොච් පෝල්සන් . ඔහු නෙදර් ලන්තයේ ධනවත්ම මිනිසාය. මහා බ්‍රිතාන්‍යයේ විශාලතම පෞද්ගලික ඉඩම් හිමි විදේශිකයාය. මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ඔහුටද මෙවර පාස්කුව ජීවිතයේ ඉමහත්ම ඛේදනීය දවස විය.

ඒ ඊයේ ශ්‍රි ලාංකාව තුළ සිදු වූ මහා මිනිස් ඝාතනයේ ගොදුරු බවට ඔහුගේ සදාදරණිය දරුවන් සිවු දෙනාගෙන් තිදෙනෙක්ද එක්වීමය.

Asos සන්නාමයේ හිමිකරු වූ ඔහු Asos අන්තර්ජාල ඇගළුම් ව්‍යාපාරයේ තනි හිමිකරුය. සිය බිරිය වූ ඈන් පෙඩර්සන් සහ සිය දරුවන් සිවු දෙනාද සමග ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සුන්දර රටක නිදහසේ පාස්කු දිනය සමරන්නටය.

ෆොර්බ්ස් සගරාවට අනුව 46 හැවිරිදි ඔහුගේ පෞද්ගලික ධනය ඩොලර් බිලියන 7.3කි. එමෙන්ම ඔහු ස්කොට්ලන්තයේ ද විශාලතම ඉඩම් හිමියාය‍

ධනවත්කම කෙසේ වුවද ඔහු සිය දරුවන් හා සතුටටින් ගත කිරීමට තෝරා ගනු ලැබ ඇත්තේ ශ්‍රි ලංකාවයි.

මිය ගිය දරුවන්ගේ නම් මොනවාදැයි සදහන් කරන්නට ඔහු විසින් කටයුතු කර නොමැති අතර ඔහුගේ ව්‍යාපාරික සන්නිවේදන කළමනාකරු විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කලේ දරුවන් තිදෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කරන බවත් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් අනෙකුත් තොරතුරු ඉදිරිපත් නොකරන බවත්ය.
ශ්‍රි ලංකාව තුළ තමන් සතුටින් ගත කරන බව එක් දැරියක විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් යොමු කර තිබූ අයුරුය මේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි