×

ලෝකයේ වැඩිම වේගයකින් ත්වරණය වන මෝටර් රථය ජපානයෙන්

ලෝකයේ වැඩිම වේගයකින් ත්වරණය වන මෝටර් රථය ජපානයෙන්


එය පැයට සැතපුම් 250 ක වේගයකින් යුත් ඉලෙක්ට්‍රික් හයිපර් මෝටර් රථයකි (250mph electric hypercar).

එයට තත්පර 1.69 ක් ඇතුළත පැයට සැතපුම් 60 ක වේගයකට ත්වරණය විය හැකිය.

මෙය නිපදවා තිබෙන්නේ ජපානයේ ‘ඇස්පාක් ඔව්ල්‘ (Aspark Owl) සමාගම විසිනි. එය සම්පූර්ණයෙන්ම විදුලි මෝටර් රියකි.

පසුගිය නොවැම්බර් 12-16 අතර පැවති ඩුබායි මෝටර් රථ ප්‍රදර්ශනයේදී මෙම මෝටර් රථය දොරට වැඩියේය.

මීට පෙර ‘රිමාක් කන්සෙප්ට් 2‘ නමින් නිපදවූ සුපිරි මෝටර් රථයට පැයට සැතපුම් 60 ක වේගය ලබාගැනීම සඳහා තත්පර 1.85 ක් ගත විය. ටෙස්ලා සමාගම විසින් නිපදවූ ‘රෝඩ්ස්ටා ‘ මෝටර් රථය ද පැයට සැතපුම් 60 ක වේගයක් ලබාගැනීමට තත්පර 1.9 ක කාලයක් ගත කරයි.

‘රිමාක් කන්සෙප්ට් 2‘

ඒ අනුව මෙම ඇස්පාක් සමාගමේ මෙම මෝටර් රථය අවිවාදයෙන්ම සැලකෙන්නේ මේ වන විට ලෝකයේ තිබෙන වැඩිම ත්වරණ බලයක් සහිත සුපිරි මෝටර් රථය වශයෙනි.

ත්වරණ වාර්තාවට අමතරව ඇස්පාක් මෝටර් රථය, ජපානයේ නිෂ්පාදිත පළමු-පූර්ණ ලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක වන, ටොප් ටයර් සුපිරි මෝටර් රිය (top-tier supercar) බවට ද පත් වේ.

මහා මාර්ගවල පැද යා හැකි (ඒ සඳහා නීතිමය බාධාවන් නැති) ලෝකයේ වේගවත්ම සුපිරි කාර් අතරට ද මේ ඇස්පාක් රථය එක්වීමට නියමිත ය.

2020 මාර්තු මස ජර්මනියේ නියුරම්බර්ග් නුවරදී මෙම සුපිරි විදුලි මෝටර් රථයේ ටයර, මහ පොළොව සිප ගන්නවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි