×

සිය දිවි නසා ගැනීම සෑම විටකම අපරාධයක් නොවේ – ඉතාලි අධිකරණය‍

එවැන්නකට ඉඩ දිය නොහැකියි - බිෂොප්වරුන්ගේ සංගමය


පුද්ගලයෙකු සිය දිවි නසා ගන්නා සෑම අවස්ථාවක්ම අපරාධයක් නොවන බව ඉතාලියේ අධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇත.

මේ සම්බන්ධව ඉතාලි පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආඝාතමය රෝග තත්ත්වයකින් පීඩා විදි පුද්ගලයෙකු සදහා සිව්ටිසර් ලන්තයේදී සිය දිවි නසා ගැනීමට සහය වූ පුද්ගලයෙකු සම්බන්ධව ඉතාලියේ මිලානෝ නුවර අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ඒ අනුව ඖෂධ සහ ප්‍රතිකාර මත පමණක් ජීවත් වන සුව කළ නොහැකි රෝග තත්ත්වයක් හේතුවෙන් පීඩා විදින පුද්ගලයෙකුට සිය දිවි නසා ගැනීමේ අපේක්ෂාව ඉටු කර ගැනීමට සහය වීම අපරාධයක් නොවන බව මෙහෙිදී අධිකරණය තීරණය කරන ලදී.


ඩීජේ ෆැබෝ ලෙස ප්‍රකට සංගීත අධ්‍යක්ෂක වරයෙක්, සංචාරකයෙක් මෙන්ම මොටර් රථ තරග ධාවකයෙක් වන ෆබියානෝ ඇන්ටෝනියෝ රිය අනතුරක් හේතුවෙන් අන්ධ භාවයට පත් වීමත් අඝාත රෝගියෙකු වීමත් හේතුවෙන් ඔහු විසින් අනායාස මරණය අපේක්ෂා කර ඇත.

Italian right-to-die activist Marco Cappato with DJ Fabo’s girlfriend, Valeria Imbrogno

Right-to-die activist Marco Cappato with DJ Fabo’s girlfriend, Valeria Imbrogno, at the constitutional court. Photograph: Riccardo Antimiani/EPA

ඉතාලියේ රැඩිකල් පක්ෂයේ සාමාජික මාර්කෝ කපාටෝ විසින් ඔහුට සිය අපේක්ෂාව ඉටු කර ගැනීමට 2017 වසරේදී ස්විට්සර් ලන්තයට යෑම සදහා සහය ලබා දීම පිළිබදව මෙම නඩුවේදී විමර්ෂණයට භාජනය විය.

යමෙකු සදහා සිය දිවි නසා ගැනීමට සහය දීම මේ වන විට ඉතාලිය තුළ වරදක් වන අතර ඒ පිළිබදව අධිකරණයෙන් වරදකරුවෙකු වුවහොත් ඊට වසර 12ක සිර දඩුවමක් නියම වේ.
පැවති මෙම තත්ත්වයන් වෙනස් විය යුතු බව පවසන මිලානෝ අධිකරණයේ තීරණයට එරෙහිව වන එරට කතෝලික බිෂෝප්වරුන්ගේ සංගමය මෙම තීරණය කෙරෙහි සිය විරුද්ධත්වය ප්‍රතාශ කරයි.

මේ පිළිබදව පාප්වහන්සේ ප්‍රකාශ කරන්නේ රෝගියෙකුගේ මරණයට ඇති කැමැත්ත තෘප්තිමත් කිරීමට ඖෂධ භාවිතය සදහා ව්‍යවස්ථාදායකය මගින් පෙළඹවීම තමන් දැඩිසේ ප්‍රතික්ෂේප කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි