×

වැඩිම චන්ද්‍රයින් ගණනක හිමිකරු ලෙස බ්‍රහස්පතිට තිබූ තැන සෙනසුරුට හිමි වේ

සෙනසුරු චන්ද්‍රයින් 82 ක හිමිකරු වේ.


මෙතෙක් චන්ද්‍රයන් වැඩිම ගණනක් සිටින ග්‍රහලෝකය බවට පත්ව සිටියේ බ්‍රහස්පති ග්‍රහයාය. එය සතුව තිබී චන්ද්‍රයන් ගණන 79කි. නමුත් ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් පසුගියදා ප්‍රකාශ කලේ බ්‍රහස්පතිට අයත් චන්ද්‍රයන් ගණන අභිබවා සෙනසුරු වටා චන්ද්‍රයන් පිහිටා ඇති බවයි.

ඇමරිකානු විද්‍යාඥයන්ට අනුව සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයන් සංඛාව 82කි. මීට පෙර සොයා ගැනීම් අනුව අනාවරණය කර ගෙන තිබුණේ සෙනසුරු සතුව චන්ද්‍රයන් 62ක් පවතින බවයි. නමුත් මේ වන විට සෙනසුරු වටා කක්ෂ ගත වූ තවත් චන්ද්‍රයන් 20ක් සිටින බව සොයාගෙන ඇත.

හවායි පිහිටි මෞනකියාහි සුබාරු දූරේක්ෂය භාවිත කරමින් මෙම නවතම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඇමරිකාවේ වොෂින්ටන් හී පිහිටි කානගී විද්‍යායතනයේ ජාත්‍යන්තර තාරකි විද්‍යාව පිලිබද ආයතනයේ ආචාර්ය ස්කොට් ෂෙපර්ඩ් පවසන්නේ 1990 දශකයේ අගභාගයේ සිය සෞරග්‍රහමණ්ඩලයේ වැඩිම චන්ද්‍රයන් ගණනකය උරුමකම් කී ග්‍රහලෝකය බ්‍රහස්පති බවයි.
නමුත් මෑත කාලීනව සෙනසුරුට දුරින් පිහිටි චන්ද්‍රයන් සෙනසුරු වටා එක්නෙකට වෙනස් පොකුරු තුනකට බෙදී කක්ක්ෂ ගත වී ඇත.

ඒ අනුව මෙම පරයේෂක කණ්ඩායම අනුමාන කරන්නේ මෙම චන්ද්‍රයන් විශාල ග්‍රහවස්තූන් කැඩි ගොස් නැවත සෑදුන අවශේෂ බවයි.

මෙසේ අනාවරණය වූ නවතම චන්ද්‍රයන්ගේ විශ්කම්භය කිලෝ මීටර් පහක් පමණ වෙයි. එමෙන්ම චන්ද්‍රයන් 20 අතරින් 17ක් ගමන් කරන්නේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවටය එය ප්‍රතිගාමී දිශාව හෙවත් retrograde direction ලෙස හදුන්වයි. අනෙකුත් චන්ද්‍රයන් ත්‍රිත්වය සෙනසුරු ග්‍රහයා ගමන් ගන්නා දිශාවටම ගමන් ගනී. ඒවා අනුගාමී හෙවත් ඉදිරිගාමී චන්ද්‍රයන් නම් වේ .. මේ චන්‍ද්‍රයින් හට සෙනසුරු වටා භ්‍රමණය වීමට වසර දෙකත් තුනත් අතර කාලයක් ගත වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි