×

මධ්‍යම ඉතාලියට මාරාන්තික ගංවතුර තත්වයක්; 10 දෙනෙකු මරුට (video)

මේ පිළිබඳ මාර්චේ ප්‍රාදේශීය රජයේ සිවිල් ආරක්‍ෂක ප්‍රධානී ස්ටෙෆානෝ අගුසි පවසා තිබුණේ වර්ෂාව පිළිබඳ කරන ලද පුරෝකථනයට වඩා තත්වය බෙහෙවින් ප්‍රබල වූ බවයි.


අධික වර්ෂාවත් සමඟ ඊයේ (16) රාත්‍රියේ මධ්‍යම ඉතාලියේ මාර්චේ ප්‍රදේශයට හදිසි ගංවතුර තත්වයක් ඇතිව ඇති අතර ඉන් මියගිය පිරිස 10 දෙනෙකු බව වාර්තා වේ.

මෙම ගංවතුර සුනාමියක් ලෙසින් ක්ෂණිකව ඇති වූ අතර අතර බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ මරණ වාර්තාවන්ට අමතරව තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. මේ පිළිබඳ මාර්චේ ප්‍රාදේශීය රජයේ සිවිල් ආරක්‍ෂක ප්‍රධානී ස්ටෙෆානෝ අගුසි පවසා තිබුණේ වර්ෂාව පිළිබඳ කරන ලද පුරෝකථනයට වඩා තත්වය බෙහෙවින් ප්‍රබල වූ බවයි.

සිවිල් ආරක්ෂාව පිළිබඳ ඒජන්සිය විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබුණේ මිලිමීටර් 400ක පමණ වර්ෂාපතනයක් නොකඩවා පැය දෙක තුනක් පමණ ඇති වීමෙන් අනතුරුව මෙම ගංවතුර තත්වය ඇති වූ බවයි. මේ හදිසි ව්‍යසන තත්වය හේතුවෙන් ගිනි නිවන භටයින් 300ක් පමණ මේ වන විට එම ප්‍රදේශයේ පුද්ගලයන් ඉවත් කරමින් අධික ලෙස මඩ වලින් පිරී ඇති මාර්ග පිළිසකර කරන බව වාර්තා වේ.

ඉතාලි පරිසර භූ විද්‍යා සංගමයේ (SIGEA) විශේෂඥයෙකු වන Paola Pino d’Astore රොයිටර් පුවත් සේවයට පැවසුවේ දේශගුණික විපර්යාස හේතුවෙන් ගංවතුර තත්වයන් ඇතිවන බවත් ඒ පිළිබඳ අනාවැකි ඉදිරිපත් කිරීම අපහසු බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි