×

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් 10 දෙනෙකු මරුට

අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ ග්‍රමාඩෝ හි කඳුකර සංචාරක නිකේතනයකට ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙන් එහි ගමන්ගත් සියලුම දෙනා මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව බ්‍රසීලයේ සිවිල් ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර තිබේ.

කුඩා පයිපර් ගුවන් යානය රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් හි කැනෙලා ගුවන් තොටුපළෙන් පිටත්ව සාඕ පවුලෝ වෙත ගමන් කරමින් සිටියදී යානය ග්‍රමාඩෝ හි ජංගම දුරකථන වෙළඳසැලකට කඩා වැටීමට පෙර නිවසක චිමිනියේ සහ පසුව අසල ගොඩනැගිල්ලක දෙවන මහලේ ගැටී තිබේ.

අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර බ්‍රසීලියානු ව්‍යාපාරිකයෙකු වන Luiz Claudio Galeazzi හා ඔහු තම බිරිඳ, ඔවුන්ගේ දියණියන් තිදෙනා, තවත් පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු සහ තවත් සමාගමේ සේවකයෙකු ගුවන් යානයේ ගමන්ගෙන ඇති අතර අනතුරින් සියලුම දෙනාම අනතුරින් මරණයට පත්ව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි