×

රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 13දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබයි.

රුසියානුවන් පවසන්නේ මෙය රුසියාවේ නිතර සිදුවන දෙයක් නොවන බවයි.


රුසියාවේ ඉෂෙව්ස්ක් හි පාසලක නාසි ටීෂටයක් හැඳගත් තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීමෙන් ළමුන් 07ත් දෙනෙකු ඇතුළුව 13 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.


මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද කමිටුව විසින් අනාවරණය කර තිබුණේ තුවක්කුකරු එම පාසලේම උපාධිධාරියෙකු වන 34 හැවිරිදි Artyom Kazantsev ලෙස හඳුනාගත් බවයි. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් බහු ඝාතන සහ නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම යන චෝදනා අපරාධ පරීක්ෂණයක් අරඹා තිබේ.

රුසියානුවන් පවසන්නේ මෙය රුසියාවේ නිතර සිදුවන දෙයක් නොවන බවයි. බොහෝ විට එය පිටුපස ඇති චේතනාවන් තහවුරු කිරීම අපහසු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි