උතුරු ඉතාලියේ Emilia-Romagna ප්‍රදේශයේ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වයන් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
කලාපයට බලපාන ලද විශාලතම වර්ෂා තත්වය මෙය බව වාර්තා වන අතර මේ වන විට නායයෑම් 300 ක්, ගංගා පිටාර ගැලීම් 23 ක්, ද මාර්ග විනාශ වීම් 400ක් වාර්තා වී ඇති අතර, නගර 42ක් මේ වන විටත් ගංවතුරෙන් යටවී තිබේ. මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තහවුරු කරමින් ප්‍රකාශ කර තිබුණේ, සහන කණ්ඩායම් දිගින් දිගටම ක්‍රියාත්මක වන බවයි.
රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ සතුන් දස දහස්ගණනක් දියේ ගිලී මිය ගොස් ඇති බවත්, හෙක්ටයාර් දස දහස් ගණනක මිදි වතු, පළතුරු ගස්, එළවළු සහ ධාන්‍ය ජලයෙන් යට වී ගොවිපලවල් 5,000ක් පමණ විනාශ වී ඇති බවයි. පුද්ගලයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව ඇති අතර විනාශ වී ඇති දේපළ හානිය මෙතෙක් ගනන් බලා නොමැත.
සශිකලා මධුෂාණී_