×

ඇෆ්ගනිස්ථානයේ පාසල් බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට තුවාල

මිය ගිය අය අතර බහුතරය කුඩා දරුවන් සහ සාමාන්‍ය මිනිසුන් බව වාර්තා වේ.


උතුරු ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් පළාතේ අයබක් හි ආගමික (මද්‍රසා)පාසලක සිදු වූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් 15 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව මීට සුළු මොහොතකට පෙර ෆෙඩරල් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් නෆි ටකෝර් තහවුරු කර තිබේ.


අයබක්හි වෛද්‍යවරයෙකු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මිය ගිය අය අතර බහුතරය කුඩා දරුවන් සහ සාමාන්‍ය මිනිසුන් බවයි.


ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු භාර නොගෙන ඇති අතර ඊට අදාළ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව අබ්දුල් නෆි ටකෝර් වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි