×

කෙන්යාවේ නේවාසික පාසලක ගින්නකින් 17 දෙනෙකු මිය යයි

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම කෙන්යාවේ නයරි ප්‍රාන්තයේ නේවාසික පාසලක්වන හිල්සයිඩ් එන්ඩරාෂා හි නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සිසුන් 17 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබේ.

මෙහි වයස අවුරුදු පහත් 12ත් අතර සිසුන් 800ක් පමණ සිසුන් අධ්‍යාපනය ලබන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධයෙන් X හි සඳහනක් යොදමින් ජනාධිපති විලියම් රූටෝ සඳහන් කර තිබුණේ, මෙම බිහිසුණු සිදුවීම ගැන හොඳින් සොයා බලන ලෙස මම අදාළ බලධාරීන්ට උපදෙස් දෙන බවත්, වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගත යුතු බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි