×

ගංවතුර හේතුවෙන් කොංගෝවෙහි පුද්ගලයින් 176 දෙනෙකු මරුට

මෙම කලාපය වසර 25 කට වැඩි කාලයක් තිස්සේ අවම වශයෙන් කැරලිකාර කණ්ඩායම් 122 කගේ සටන් වලින් පීඩා විඳිති.


නැගෙනහිර කොංගෝහි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට බලපෑ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 176 දෙනෙකු නිල වශයෙන් මියගොස් විශාල ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බව බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

දකුණු කිවු පළාතේ වර්ෂාව හේතුවෙන් ගංඟා පිටාර ගැලීම නිසා බුෂුෂු සහ නයමුකුබි ගම්මානවල ජීවත හා දේපළ හානි විශාල වශයෙන් වාර්තා වන අතර අධික වර්ෂාපතනය සහ ගංවතුර හේතුවෙන් රටේ අනෙකුත් ප්‍රදේශවලටද බරපතල හානි සිදුව ඇති බවද කියැවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෑතකදී කරන ලද ගණනය කිරීම් වලට අනුව, මෙම කලාපය වසර 25 කට වැඩි කාලයක් තිස්සේ අවම වශයෙන් කැරලිකාර කණ්ඩායම් 122 කගේ සටන් වලින් පීඩා විඳිති. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇති අතර නෝර්වීජියානු සරණාගත කවුන්සිලය ජුනි මාසයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණ.

මේ වන විට කොංගෝ ජාතිකයන් මිලියනයක් ද රට හැර ගොස් ඇති අතර මිලියන 27 ක ජනතාවක් ආහාර හිගයෙන් පෙලේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි