×

නයිජර් හී ගම්මාන වලට එල්ල වූ වෙඩි ප්‍රහාර වලින් 20ක් මරුට:

කලාපය තුළ සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීම යුරෝපය ඇතුළු දුර බැහැර ප්‍රදේශවල ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා වැදගත් යැයි සැලකේ. කැරැල්ල මැඩපැවැත්වීම සඳහා එක්සත් ජනපදය සමඟ අප්‍රිකානු සහ යුරෝපීය රටවල් කිහිපයක් මිලිටරි කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත.


දකුණු අප්‍රිකාවට අයත් නයිජර් හි ගම්මාන කිහිපයකට තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති. තිලබෙරි කලාපයේ ආණ්ඩුකාර ටිඩ්ජානි ඉබ්‍රාහිම් කටියෙල්ලා පැවසුවේ සෙනසුරාදා යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් මෙසේ ප්‍රහාර එල්ල කළ බවයි.

නාඳුනන කණ්ඩායම සාප්පු කොල්ලකමින්, ගවයන් සොරකම් කරමින් සහ ගම්වාසීන්ට පලා යන ලෙස නියෝග කරමින් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ධාවනය කළ බව වාර්තා වේ.

මාලි, බුර්කිනා ෆාසෝ සහ බෙනින් මායිම් වන තිලබෙරි හි 2017 සිට හදිසි තත්වයක් ක්‍රියාත්මක වේ.

ඇසින් දුටු සාක්ෂිකරුවෝ ප්‍රාදේශීය මාධ්‍යයට පැවසුවේ නවතම ප්‍රහාර දේශීය වේලාවෙන් 16:00 ට පමණ සිදු වූ බවයි.

ඉස්ලාමීය රාජ්‍යයට සහ අල්කයිඩා සංවිධානයට අනුබද්ධ සටන්කාමීන් කලාපය තුළ දිගටම ක්‍රියාත්මක වන අතර ඔවුන් ජාතික ආන්ඩු පාලනය දුර්වල කිරීමට උත්සාහා ගන්නා බව වාර්තා වේ. මෙම කණ්ඩායම් විසින් පසුගිය වසරේ දෙසැම්බරයේ සිට රජයේ සොල්දාදුවන් 170 දෙනෙකු ඝාතනය කර තිබේ.

කලාපය තුළ සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීම යුරෝපය ඇතුළු දුර බැහැර ප්‍රදේශවල ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා වැදගත් යැයි සැලකේ. කැරැල්ල මැඩපැවැත්වීම සඳහා එක්සත් ජනපදය සමඟ අප්‍රිකානු සහ යුරෝපීය රටවල් කිහිපයක් මිලිටරි කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි