×

ප්‍රංශයේ ”කහ බැනියම් විරෝධතා කරුවන්” 24කට නෙත් අහිමි වේ

පසුගිය මාර්තු මාසයේදී උද්ඝෝෂණ වලින් මෙම කහ බැනියම් විරෝධතා කරුවන් 2200ක් තුවාල ලැබූ අතර පොලිස් නිළධාරීන් 1500කට තුවාල සිදු විය.


දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රංශ පාලනයට එරෙහිව ගෙනගිය කහබැනියම් කරුවන්ගේ විරෝධතාව තවමත් අවසන් වී නොමැත. විරෝධතාවන්වල ප්‍රචණ්ඩකාරී තත්ත්වය උත්සන්න වීමත් සමග පුද්ගලයින් 24 දෙනෙකුට සිය දෙඇස් අහිමි වී ගොස් ඇත.

CNN
CNN
CNN
CNN

2018 වසරේ මෙම උද්ඝෝෂණය මෙවර ආරම්භ වූ අතර රටේ බදු මිල ඉහළ යෑමට විරුද්ධත්වය දැක්වීම ඇතුළු හේතු කිහිපයකට විරුද්ධ වීම ඔවුන්ගේ විරෝධතාවල අරමුණ විය.
ජනපති එමෑනුවෙල් මැක්‍රොන්ගේ රජයට එරෙහි වූ මෙම විරෝධතා කරුවන් පාලනය කිරීමට පෙට්‍රල් බෝම්බ, කදුළු ගෑස්, සිහි නැති කරරවීමේ ග්‍රෙනේඩ් අවි, ආදිය භාවිතා කළ අතර ඊට විරුද්ධව ප්‍රචණ්ඩකාරී තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර වීම සිදු විය.

පසුගිය මාර්තු මාසයේදී උද්ඝෝෂණ වලින් මෙම කහ බැනියම් විරෝධතා කරුවන් 2200ක් තුවාල ලැබූ අතර පොලිස් නිළධාරීන් 1500කට තුවාල සිදු විය.




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි