×

නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ලයන් 33 මරුට

අවතැන් වූවන් වෙනුවෙන් සහන සේවා සැළසීම අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් අසීරු වී ඇති බව සහන කරුවන් මාධ්‍ය වෙත වාර්තා කර ඇත.


පසුගිය සතිය තුළ බටහිර නේපාලයේ කර්නාලි පළාතට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස්, දහස් ගණනක් පදිංචිකරුවන් හට සිවාස අහිමිව අවතැන්ව ඇති බව ප්‍රදේශිය මාධ්‍ය වාර්තා කර තිබේ.

පළාත පුරා අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. අවතැන් වූවන් වෙනුවෙන් සහන සේවා සැළසීම අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් අසීරු වී ඇති බව සහන කරුවන් මාධ්‍ය වෙත වාර්තා කර ඇත.

මේ වන විට නේපාලයේ වසර පුරා මෝසම් වර්ෂාව හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 110 දෙනෙකු පමණ වන බව නේපාලයේ ජාතික හදිසි අවස්ථා මධ්‍යස්ථානය විසින් වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි