සටහන: සශිකලා මධුෂාණි, ජුනි 06,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාර හමුදා සෙබළුන් 100ක් පමණ රඛයින් ප්‍රාන්තයේ බයි ෆියු ගම්මානය වැටලීමෙන් සිවිල් වැසියන් 50 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඇසින් දුටු සාක්ෂිකරුවන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, සොල්දාදුවන් විසින් සිවිල් වැසියන්ගේ ඇස් බැඳ ඔවුන්ට පහර දුන් බවත්, ඔවුන්ගේ ඇඟට පෙට්‍රල් වත්කොට ගිනි තැබූ බවත්, තවත් සමහරෙකුට ඔවුන්ගේ මුත්‍රා පානය කිරීමට බල කිරීම ආදී අතිශය ම්ලේජ්ච දඬුවම් හේතුවෙන් දින දෙක හමාරක් සිය ගම්මානය දෙකහමාරක භීෂණයකට ලක් වූ බවත්, වයස අවුරුදු 15 ත් 70 ත් අතර පුද්ගලයින් පනස් එක් දෙනෙකු ප්‍රචණ්ඩ ලෙස වධ හිංසා පමුණුවා මරා දමන ලද බවත්ය.
පාලක හමුදා කවුන්සිලය නොහොත් ජුන්ටාව, තුන් අවුරුදු මියන්මාර සිවිල් යුද්ධයේදී සිදු කරන ලද දරුණුතම කුරිරුකම්වලින් එකක් බවට පත්වන මෙම චෝදනාවන් ප්‍රතික්ෂේප කර තිබේ.
2020 මියන්මාර මහ මැතිවරණයෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ අවුන් සාන් සුකී සිරගත කර හමුදා ජුන්ටාව විසින් රාජ්‍ය බලය පැහැරගනු ලැබිය. එතැන් සිට මියන්මාරයේ අඛණ්ඩව පැතිරුනු විරෝධතා එරට හමුදා ජුන්ටාව අතිශය ප්‍රචණ්ඩකාරී ලෙස මර්ධනය කළ අතර එතැන් සිට ඇරඹි සිවිල් යුද්ධයේ තවම නිමාවක් නැත.