×

ටිබෙටයට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් 35 දෙනෙකු ජිවිතක්ෂයට

, ප්‍රධාන භූමිකම්පාවෙන් අනතුරුව බටහිර චීනයේ සහ අසල්වැසි ප්‍රාන්තය වන නේපාලයේ පසු කම්පන විශාල ප්‍රමනයක් සිදුව ඇත.


සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටිබෙටයට බලපෑ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භුමි කම්පාවක් හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් චීනයේ නිල Xinhua පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ, ප්‍රධාන භූමිකම්පාවෙන් අනතුරුව බටහිර චීනයේ සහ අසල්වැසි ප්‍රාන්තය වන නේපාලයේ පසු කම්පන විශාල ප්‍රමනයක් සිදුව ඇති බවයි.

ටිබෙටයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, සුන්බුන් අතර සිටින පුද්ගලයින් සෙවීම සඳහා ගිනි නිවන භටයින් සහ ගලවා ගැනීමේ සේවකයින් 1,500 ක් පමණ යොදවා ඇති බවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි