×

දකුණු කොරියාවේ ගුවන් අනතුරකින් 62දෙනෙකු මරුට

ජෙජු එයාර් ඉතිහාසයේ පළමු මාරක අනතුර


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ දී ගුවන් පථයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ගිනි නිවන සේවය සදහන් කර තිබේ.

මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු රැගත් ජෙජු එයාර්(7C2216) ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට ආපසු පැමිනෙමින් තිබියදී සෝල් අගනුවරට දකුණින් 178 සැතපුම් (288 km) පමණ දුරින් පිහිටි Muan ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තාප්පයක ගැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇත.

ගිනි නිවන භටයින් 80 ක් සහ ගිනි නිවන රථ 30 කට වැඩි ප්‍රමාණයක් අනතුර සිදුවූ ස්ථානයට යොදවා ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් යොන්හැප් වාර්තා කර තිබුණේ, යානයේ සිටි මගීන් අතර දකුණු කොරියානුවන් 173 දෙනෙකු සහ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු වන බවයි.

මෙම අනතුර ජෙජු එයාර් ඉතිහාසයේ පළමු මාරක අනතුර වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි