×

ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ භූකම්පාවකින් 08 දෙනෙකු මරුට!

ඇෆ්ගනිස්ථානයේ ඊසාන දිග කලාපයේ හටගත් රිච්ටර් මාපකයේ 5.3 ලෙස සටහන් වූ භූකම්පාවකින් පුද්ගලයන් 08 දෙනෙකු වත් ජීවිතක්ෂයටපත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.


අනතුරට පත් පුද්ගලයන් පිළිබඳව දිගටම සෝදිසි මෙහෙයුම් සිදුකරන අතර, මිය ගිය සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (04) දින හටගත් මෙම භූකම්පාව නිසා කුනාර් පළාතේ මිනිස් මෙන්ම මූල්‍ය වශයෙන් අලාභ හානි සිදුව ඇති බවට කුනාර් පළාතේ තොරතුරු සහ සංස්කෘතික කටයුතු ආයතනයේ අධ්‍යක්ෂ සහ ආණ්ඩුකාර මාධ්‍ය ප්‍රකාශක මව්ලවි නජිබුල්ලා සඳහන් කරයි.

නජිබුල්ලා වැඩිදුරටත් සඳහන් කළේ ජීවිතක්ෂයට පත් පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ තිබෙන බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (United States Geological Survey: USGS) අද (05) දින අලුයම වාර්තා කළේ, නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරය ආසන්නයේ රිච්ටර් මාපකයේ 5.3 ක භූමිකම්පාවක් සිදුව ඇති බවයි.

මීට ඉහත ජූනි මාසයේ ද බරපතල භූකම්පාවක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් අතර, ඉන් ගම්මානවල ජීවත් වූ පුද්ගලයන් දහසකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි