ග්‍රීසියට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකය අට දෙනෙකු මරුට
ග්‍රීසිය මේ වසරේ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් පැමිණීමේ සංඛ්‍යාවෙන් සියයට 25කින් වැඩි වී ඇත.
සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රීසියේ වෙරළාරක්ෂක භටයන් සරණාගතයින් සහ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ලුහුබැඳ යාම හේතුවෙන් එය පෙරලි සංක්‍රමණිකයන් අට දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම බෝට්ටුව රෝඩ්ස් දූපත ආසන්නයේදී රියදුරුට බෝට්ටුව පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෙරලි ගොස් ඇති අතර ග්‍රීක වෙරළාරක්ෂක සෙබළුන් විසින් මෙහිදී 18 දෙනෙකු බේරාගෙන තිබේ.
සංක්‍රමණ සහ සරණාගත අමාත්‍යාංශයට අනුව, ග්‍රීසිය මේ වසරේ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් පැමිණීමේ සංඛ්‍යාවෙන් සියයට 25කින් වැඩි වී ඇත.