×

ඉරානයේ ගල්ෆ් තීරයේ පිට පිට භූකම්පා – පස්දෙනෙකු මරුට, 49 කට තුවාල!

රිෂ්ටර් මාපකයේ 6.1 ක් සනිටුහන් කරමින් ඉරානයේ ගල්ෆ් වෙරළ තීරයේ හටගත් භූමිකම්පාවකින් පුද්ගලයන් පස් දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව 49 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.


මෙම ප්‍රථම භූමිකම්පාවට අමතරව රිෂ්ටර් මාපකයේ 6.3 ක් සනිටුහන් කළ දෙවෙනි හා තුන්වෙනි භූමිකම්පා තත්ත්වයක් ද එම කලාපයේ ම හටගෙන තිබේ.

එරට වේලාවෙන් අද (02) දින උදෑසන 2 ට හටගත් මෙම භූමිකම්පා තත්ත්වය නිසා පොළෝ ඉරිතලා යෑම් 24 ක් සිදුව ඇති අතර, ඉන් ඉරානයේ හෝමොස්ගන් පළාතේ ගල්ෆ් වෙරළ ආසන්නයේ පිහිටි සයේ කෝෂ් ගම්මානය සමතලා වී තිබේ. අවසාන වරට පොළොව ඉරිතලා යාමක් සිදුව ඇත්තේ උදෑසන 08ට පමණ ය.

තුවාල ලැබූ සියල්ල රෝහල් ගත කර ඇති අතර, ප්‍රතිකාර ගෙන මුදා හැර ඇති බව සඳහන්.

ජීවිත හානි සිදුව තිබෙන්නේ පළමු භූමිකම්පා තත්ත්වයේදී පමණි. ඉන් පස්දෙනෙකුගේ ජීවිත බිලිගෙන තිබේ.

මේ වන විට සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බව ද වාර්තා වේ.

මෑත වසරවලදී විනාශකාරී භූකම්පා කිහිපයකටම ඉරානය ගොදුරු වූ අතර, භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ප්‍රධාන භූ විද්‍යාත්මක දෝශ භූමිය පුරා තිබෙන බවයි. 2003 වර්ෂයේ දී ඉරානයේ කර්මන් පළාතේ හටගත් රිෂ්ටර් මාපකයේ 6.6 ලෙස සනිටුහන් වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 31,000 ක් ජීවිතක්ෂයට පත්වූ අතර, එහි පැරණි නගරය වන බාම් සම්පූර්ණයෙන්ම සුනුවිසුණු වී ගියේය.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි