×

දකුණු සුඩාන තෙත් බිම්වලින් මීතේන් විදියි!

මීතේ්න් ස්පන්ද හෙවත් මීතේන් පල්ස්, දකුණු දිග සුඩානයේ තෙත්බිම්වලින් නොකඩවා නිකුත් වෙමින් තිබෙන බවත්, වායුගෝලයේ මීතේන් මට්ටම විශාල ලෙස පසුගිය සමයේදී වැඩි වූයේ මේ නිසා බවත් සොයාගෙන තිබේ.


එක්සත් රාජධානියේ එඩින්බර්ග් සරසවියේ පර්යේෂකයන් විසින් කර ඇති මෙම සොයාගැනීම මගින් අවධාරණය කරන්නේ දකුණු දිග සුඩානයේ තෙත්බිම්වලින් ඉතා විශාල වශයෙන් මීතේන් වායුව නිකුත් වෙමින් තිබෙන බව ය.

මීතේන් හෙවත් CH4 හරිතාගාර වායුවක් වන අතර, එය සෘජුවම මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යාමට බලපායි.

වික්ටෝරියා විල ඇතුළු නැගෙනහිර අප්‍රිකාවේ විල්වල ජලය ‘රළ නගිනවාක් මෙන්‘ ඉහළ යන විට එම විල් වලින් නිකුත් වන මීතේන් ප්‍රමාණය ද අතිශය ඉහළ ගොස් ඇති බව එහිදී පර්යේෂකයෝ සනාථ කළහ.

ඒ සඳහා ඔවුන් යොදාගත්තේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් දත්තයන් ය.

දැන් විශ්වාස කෙරෙන්නේ 2010-2016 අතර කාලයේදී පෘථිවි වායුගෝලයේ මීතේන් ප්‍රතිශතය ඉහළ යාමට 1/3ක්ම වගකිව යුත්තේ මේ සංසිද්ධිය බවයි.

මේ වන විට වායුගෝලයේ මීතේන් සාන්ද්‍රණය (parts per billion) බිලියනයකට කොටස් 1,860  දක්වා ඉහළ ගොස් තිබේ.

පහත දැක්වෙන්නේ පෘථිවි වායුගෝලයේ මීතේන් ප්‍රතිශතය 1900 වසරේ ඉහළ ගිය ආකාරයයි.

Methane concentrations

ජලයේ ඝනත්වයත් වැඩි වෙලා!

‘සුඩ්‘ යනුවෙන් හඳුන්වන, වේල්සය මෙන් දෙගුණයක් විශාල බිම් කඩක් මෙහිදී පර්යේෂකයන්ගේ අවධානය විශේෂයෙන් දිනා ගත්තේය. නැගෙනහිර අප්‍රිකානු විල් පිහිටා තිබෙන්නේ සුඩ් හි සිට නයිල් නදිය දක්වා විහිදෙන බිම් තීරුවේ ය. මෙම ගොඩබිමෙහි මතුපිට උෂ්ණත්වය සැලකිය යුතු තරමින් ගතවූ කාලය තුළ ඉහළ ගොස් තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කලාපයේ පසෙහි තෙතමනය ඉහළ ගොස් තිබිණි. නැගෙනහිර අප්‍රිකාව පුරා සිදුකළ ගුරුත්වාකර්ෂණ මිනුම්වලින් පෙනී ගියේ භූමිය තුළ රඳවා ගෙන ඇති ජල ස්කන්ධයේ බර ද වැඩි වී ඇති බවයි. මේ අතර විල්වල සහ ගංගාවල ගැඹුර ද දකුණු දිශාවට යන්නට වැඩි වී ඇති බව satellite altimeters පාඨාංකවලින් පෙනී ගියේය.

මෙහිදී සිදු වී ඇති දේ සරලව කියන්නේ නම් මෙසේ ය.

  • නැගෙනහිර අප්‍රිකානු විල්වල ජල මට්ටම් සැලකිය යුතු පරිදි ඉහළ ගොස් තිබේ.
  • ඒ සමගම මේ විල් ආශ්‍රිත මීතේන් මට්ටම් ද ඉහළ ගොස් තිබේ.
  • තෙත්බිම්වලට (දකුණු දෙසට) මේ ගංගා ගලා යන විට මීතේන් සාන්ද්‍රණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Methane mapImage copyright- COPERNICUS DATA/ESA/TROPOMI
Tropomi detects a methane hotspot right over the Sudd (green square)
Presentational white space

එඩින්බර්ග් සරසවිය විසින් මේ සොයාගැනීම් පළ කර තිබෙන්නේ Atmospheric Chemistry and Physics ජර්නලයේ aය. ඇමරිකානු භූ භෛෟතික විද්‍යා සංගමයේ රැස්වීමකදී ද මේ පිළිබඳ අදහස් දැක්වීමෙන් අනතුරුව මෙම පුවත මේ වන විට ජාත්‍යන්තර ජනමාධ්‍යවල විශාල අවධානයක් දිනා ගෙන ඇත.

‘‘මේක ඉතාම විශාල ප්‍රදේශයක්. ඒ නිසා මීතේන් වායුව මේ තරම් විශාල ප්‍රමාණයක් විමෝචනය වීම පුදුමයට කාරණයක් නෙවෙයි. සුඩ් කියන්නේ, වේල්සය මෙන් දෙගුණයක් විශාල, එනම් වර්ග කිලෝමීිටර 40,000 ක් විශාල ප්‍රදේශයක්. මේ නිසා මේ මීතේන් විමෝචනය අභ්‍යවකාශයට පවා මේ වන විට පෙනෙනවා..“ යැයි එහිදී ප්‍රකාශ විණි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි