×

කොවිඩ් සළුවට මුවා වෙමින් අහිමි කළ ආසියාවේ නිදහස

කොවිඩ් 19 වෛරසය සමස්ත ලෝකයේම පොදු සතුරා බවට පත්ව තීබීමත් සමග රජයන් විසින් ජනතා කැමැත්ත හෝ අකමැත්ත නොවිමසා තීන්දු තීරණ ගැනීමට නොපසුබට වී ඇත


කොවිඩ් ඒ් ඇරෙන්නට ..අද වන විට ඇසෙන පවසන වචනයක් නැති තරම්ය. කොවිඩ් එන‌තෙක් පැවති ලෝකය අද ලෝකයට වඩා බෙහෙවින් වෙනස්ය . මෙතෙක් පැවති සමාජය, සමාජ අර්බුද ඒ්වාට විසදුම් මේ සියල්ල සියල්ලන්ට අමතක වන තරමට කොවිඩ් විසින් සොරගෙන ඇත.

එසේ සොරාගත් සමාජ සංසිද්ධීන් අතරේ නිදහස වෙනුවෙන් හඩ නැගූ බොහෝමයක් දෙනාද බොහෝමයක් ව්‍යාපාරයන්ද හොර රහසේම නිහඩ වී ඇත. එනම් කොවිඩ් වසංගතයට මුවාවී සමාජයට අමතක කරවා ඇති සමාජය තුළ පැවති අර්බුදයන් රැසකි.

සෆූරා සාගර් ඉන්දියාවේ දිල්ලි අග නගරයේදී අත් අඩංගුවට ගැනෙන විට ඇය තෙමස් වියැති ගැබිණි මාතාවකි. කොවිඩ් වසංගතය ලෝකය ගිල ගන්නට මත්තෙන් ඉන්දීය සුළුතර ජන කොටසකගේ අයිතිවාසිකම් අහිමි කළ පුරවැසි පනතට ඒරෙහිව සටන් කළ සෆූරා එසේ අත්අඩංගුවට ගැනෙන විට ලෝකයේ අවධානය ඈ වෙනුවෙන් යොමු නොවුනේය. එමෙන්ම කිසිවෙකුත් ඇයගේ නිදහස වෙනුවෙන් මහ මගට නොබැස්සෝය.අගුලු දැමූ රෝග බියෙන් වැළලී ගිය රටක අනෙකාගේ සාමය වෙනුවෙන් හඩ නගන්නට කිසිවෙකුත් සමත් නොවීය.

ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියාව පුරාම රාජ්‍යයන් හී රජයන් විසින් මෙසේ කොවිඩ් සළුවට මුවා වී සාමය වෙනුවෙන් හඩ නැගූ පිරිස් අත් අඩංගුවට ගැනීම්, පාලනය කිරීම්, නීතිය බිද හෙලීම්, සිදු කරමින් සිටී.

කොවිඩ් 19 වෛරසය සමස්ත ලෝකයේම පොදු සතුරා බවට පත්ව තීබීමත් සමග රජයන් විසින් ජනතා කැමැත්ත හෝ අකමැත්ත නොවිමසා තීන්දු තීරණ ගැනීම ආරම්භ කර ඇතිි බවට මීටත් වඩා සාක්ෂිි අවශ්‍ය නැත.

මහජන බලයට පහර දීම

මේ පිළිබදව සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ ගෝලීය සන්ධානයක් වන සිවිකස් හි ජොසෙෆ් බෙනඩික්ට් පවසන්නේ
කොවිඩ් හේතුවෙන් .. මානව හා ප්‍රජා අයිතිවාසිකම් අඩියක් පස්සට තබා ඇති බවයි.” මේ සම්බන්ධව මහජන බලයට පහර දීම නමින්  ඔහු ඉදිරිපත් කළ වාර්ථාවට අනුව ආසියා පැසිෆික් කලාපය තුළ රජයන්ගේ මෙවැනි හැසිරීම් කැපී පෙනෙන අයුරින දැක ගත හැකි වෙයි.

වසංගතයට මුවාවෙන් බොහෝ රජයන් ජනතාව ලුහු බදිමින් විවිධ ක්‍රම ඔස්සේ ඔවුන්ගේ ජීවිත තුළට අනවශ්‍ය ලෙස එබී බැලීම් සිදු කරයි. එමෙන්ම කොවිඩ් වසංගතයට මුවා වී නීතී රීති දැඩි කරමින් සිටී. සිවිකස් සිය වාර්ථාවේ සදහන් කරන පරිදි අවම වශයෙන් ආසියානු කලාපයේ රාජ්‍යයන් 26ක් තුළ කොවිඩ් වසංගතයට මුවා වී නීතිය අතට ගනිමින් සිටින බවට ඔප්පු කළ හැකි සිදුවීම් වාර්ථා වේ. තවත් රාජ්‍යයන් 16ක මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට එරෙහිව නඩු පවරනු ලැබ ඇත.

සෆූරා හැරුණ විට 83 හැවිරිදි පාකින්සන් රෝගී ජේසු නිකායික පූජකවරයෙකු ද ඇතුළුව මානව හිමිකම් ක්‍රියාකාරීන් දේශද්‍රෝහී චෝදනා, මෙන්ම සාපරාධී අපහාස චෝදනා ඇතුළු චෝදනාවන් එල්ල කරමින් ත්‍රස්ත විරෝධී නීති යටතේ අත් අඩංගුවට ගෙන ඇත. ඒ් සියල්ල සිදුව ඇත්තේ රජයන් විසින් කොවිඩ් සළුවට මුවාවෙමිනි.

සිවික්ගේ වාර්ථාවට අනුව පිලිපීනයද කොවිඩ් රෝගයට මුවාවී සිය රටේ ජනතාවගේ නිදහස අහිමි කළ බවට සාක්ෂි දරණ තවත් රාජ්‍යයකි. කොවිඩ් 19 ට එරෙහි යුද්ධය අතර මැද පිලපීන රජය විසින් හෘද රෝගී 62 හැවිරිදි මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන තෙරෙසිටා නාවුල් ඇතුළු තවත් 400ක පිරිසක් අත්අඩංගුවට ගැනීම්, තර්ජනය කිරීම්, පහර දීම් මෙන්ම නීතිය ඔවුන්ට ඒරෙහිව ක්‍රියාකාරීම සිදු කර ඇත. ඒ් අතර පහර දී මරා දැමූ මාධ්‍ය වේදීන් වන සාරා අල්වරෙස් සහ රැන්ඩල් එචනිස් වැනි තවත් අය ද වෙයි.

එමෙන්ම රටේ විශාලතම මාධ්‍ය ජාලය වන ඒබීඑස්-සීබීඑන් මැයි මාසයේ දී බලහත්කාරයෙන් වසා දැමීම ද වසංගතය අතරතුර පිලිපීනය විසින් මානව හිමිකම් සදහා බොහෝ ප්‍රවේශයන් අහිමි කළේය.

කොවිඩ් 19 ට මුවා වී මාධ්‍ය මර්ධනයද ආසියානු කලාපය තුළ මොනවට කැපී පෙනුන අතර කොවිඩ් රෝගය පිළිබද වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව එල්ල කරමින් බංග්ලාදේශ රජයට එරෙහිව මාධ්‍යකරණයේ නියැළුන වෙබ් අඩවි කිහිපයක් තහනම් කරන ලදී,

නේපාලයේ ස්වදේශික නෙවාර් ප්‍රජාවේ ක්‍රියාකාරිනියක වන බිදියා ශ්‍රෙෂ්ටා බීබීසී වෙබ් අඩවිය වෙත පසුගිය දා කියා සිටියේ රජය විසින් කොරෝනා වසංගතය සිය ප්‍රජාවට හිංසා පීඩා කිරීම සඳහා අවියක් වශයෙන් යොදාගෙන අති බවයි. කොරෝනා වසංගතය අතරතුර නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජය වෙත පනවා තිබූ නියෝගයන්ද නොතකා කත්මණ්ඩු නිම්නයේ පිහිටි නේවාර් සාම්ප්‍රදායික ජනාවාසවල නිවාස 46 ක් කඩා බිඳ දමා නව මාර්ගයක් සඳහා මාවත සකසමින් ඉදිරියට යමින් සිටී,

සිවිකස් වාර්ථාව අනුව ආසියානු කලාපයේ කාම්බෝජය, තායිලන්තය, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවල් පිළිබදවද මෙසේ කොවිඩ් සළුවට මුවාවී ජනතා අයිතිවාසිකම් කඩවූ අවස්ථාවන් උපුටා දක්වයි.. එමෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම සාධාරණීකරණය කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස කොවිඩ් වසංගතය යොදා ගැනීම මියන්මාරය වැනි රටවල් විවේචනයට ලක්ව තිබේ.

තවද ශ්‍රී ලංකාවද ඇතුළුව දකුණූ කොරියාව, තායිවානය, හෝංකොං ඇතුළු රටවල් කිහිපයක් කොවිඩ් කළමනාකරණය පිළිබදව නිරීක්ෂණයන් සිදු කිරීමේ මුවාවෙන් ඩ්‍රෝණ තාක්ෂණය ඇතුළු නිරීක්ෂණ සදහා තාක්ෂණය යොදා ගත් අවස්ථා වාර්ථා වූ අතර වසංගත තත්ත්වය පාලනය වූ පසු පවා දිගින් දිගටම ඒවා ක්‍රියාත්මක කරමින් රජයට අවශ්‍ය තොරතුරු හඹා යමින් සිටින බව පැහැදිලිය.

සොයා ගනිමින් පවතින එන්නත් හමුවේ නුදුරු දිනක කොවිඩ් මර්දනය වී යා හැකිය …. එහෙත් අත්තනෝමතික රජයන් විසින් ජනතා අයිතීන්ට එරෙහිව යාමේ වසංගතය කවදාක නම් තුරන් වනු ඇතිද.

 

 

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි