×

අවුන්සාන් සුකී වසර 26කට සිරගත කෙරේ.

අවුන්සාන් සුකී මේ වන විට 77වන වියේ පසුවන අතර ඇයට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනාවන් විකාර සහගත හා පදනම් විරහිත බව ඇය විසින් ප්‍රකාශ කොට ඇත.


මියන්මාරයේ මිලීටරි ජුන්ටාව විසින් නොබෙල් ත්‍යාගලාභී බලයෙන් පහ කරන ලද නායිකා අවුන්සාන් සුකීට තවත් වසර තුනක සිර දඬුවමක් නියම කර ඇති අතර, මේත් සමඟ ඇයගේ ඒකාබද්ධ සිර දඬුවම වසර 26 දක්වා ඉහළ නංවා තිබේ. මේ වන විටත් හමුදා අඩස්සීයේ පසුවන අවුන්සාන් සුකීට දූෂණ විරෝධී චෝදනා මත එරට හමුදා අධිකරණය මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත.


2021 වසරේ සිට ඇය මෙලෙස හමුදා අත්අඩංගුවට පත් වු අතර සුකී මහත්මියගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) මහ මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කිරීමෙන් මාස කිහිපයකට පසුව වන අතර මෙහි දී අවුන් සාන් සුකී සිරගත කරන ලද හමුදාව විසින් ආණ්ඩුව පැහැර ගනු ලැබීය.

ඇය මේ වන විට නඩු විභාග කිහිපයකදී වරදකරු කර ඇති චෝදනා අතරට උසිගැන්වීම, දූෂණය, කොවිඩ් නීති කඩ කිරීම සහ විදුලි සංදේශ නීතිය කඩ කිරීම ඇතුළත් වේ. තවත් නඩු විභාග වීමට නියමිත වන අතර, ඇයගේ ජීවිත කාලය පුරාම ඇයව අත්අඩංගුවේ තබා ගැනීමට සැලසුම් කර ඇති බවට හමුදාවට චෝදනා එල්ල වේ.

මෙවර අවුන්සාන් සුකීට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ පසුගිය කාලයේ බලධාරීන් සමඟ ගැටලු ඇති වූ ප්‍රකට ව්‍යාපාරිකයෙකු විසිනි. ව්‍යාපාරිකයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ ඔහුගේ සමාගම විසින් සිදු කරන ලද රජයේ ටෙන්ඩර් සඳහා මනාප ලබා දීම සඳහා ඩොලර් 100 ත් 150,000 ත් අතර මුදලක් වැය කිරීමට සිදු වූ බවයි. අධිකරණ තීන්දු සහ දඬුවම්වල පරමාර්ථය අවුන් සාන් සූකී සම්පූර්ණයෙන්ම දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම බව දේශපාලන විශ්ලේෂකයන් අදහස් දක්වා තිබේ.

2021 පෙබරවාරියේ දී ක්‍රියාත්මක වූ මෙම කුමන්ත්‍රණයෙන් පසු මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, පුද්ගලයින් 2,300 කට වැඩි පිරිසක් මිය ගොස් 15,000 කට වැඩි පිරිසක් සිරගත කර තිබේ.

අවුන්සාන් සුකී මේ වන විට 77වන වියේ පසුවන අතර ඇයට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනාවන් විකාර සහගත හා පදනම් විරහිත බව ඇය විසින් ප්‍රකාශ කොට ඇත.

සශිකලා මධූෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි