×

වසර 33ක් අවුන් සාන් සුකී අඳුරු කුටියේ..

ඇයට හිමිව ඇති මුළු සිර දඬුවම් කාලය වසර 33 ක් දක්වා ඉහළ යනු ඇති.


මියන්මාර හිටපු පාලිකා අවුන් සාන් සුකීට තවත් වසර 7 ක සිර දඬුවම් නියම කරමින් එරට යුධ අධිකරණයක් මගින් අද (30) ප්‍රකාශයට පත් කළ තීරණය ජාත්‍යාන්තර මාධ්‍යයේ වැඩි අවධානයකට ලක් වී තිබේ.

එම අධිකරණ තීරණයට අනුව ඇයට හිමිව ඇති මුළු සිර දඬුවම් කාලය වසර 33 ක් දක්වා ඉහළ යනු ඇති.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ජයක් හිමිකර ගෙන බලයට පත් වූ මියන්මාර හිටපු පාලිකා අවුන්සාන් සුකී 2021 පෙබරවාරී මස දී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකෙරණු අතර එතැන් සිට මේ දක්වා මාස 18 ක කාලයක් තුළ වැරදි 19 කට ඇයට චෝදනා එල්ල වී තිබේ.

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවුන්සාන් සුකීව නිදහස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කතිතාවක් ගොඩ නැගුන ද, පසුගිය සිකුරාදා ඇය මුහුණ දුන් නඩු විභාගයේ දී ඇය චෝදනා 5කට වරදකාරීය බව අධිකරණය මගින් තීරණය කළේ ය.

පසුගිය සිකුරාදා ඇයට එල්ල වූ අවසන් චෝදනා 5ට ඇය දඩුවම් නියම කෙරිණ.

රජයේ නීති රීතිවලට පටහැනිව සිය රජයේ අමාත්‍යවරයෙකුට හෙලිකොප්ටරයක් පරිහරණයට දුන් බව කියන චෝදනාවකට ද ඇය වරදකාරිය කෙරිණ.

එසේම තවදුරටත් ඇය විවිධ අපරාධමය වැරදි 14කට වරදකාරිය වී ඇති අතර කොවිඩ් ආරක්ෂණ නීති රීති උල්ලංඝණය කිරීම,වෝකී ටෝකී ආනයනය හා නිල රහස් පනත උල්ලංඝණය කිරීම ආදී චෝදනා ද ඇයට විරුද්ධව එල්ල විය .

කෙසේ වෙතත් සුකී තමාට එල්ල වන මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත්, මෙම මියන්මාර හිටපු පාලිකා අවුන් සාන් සුකීට එරෙහිව දියත් කෙරූ හමුදා පාලනය එරට බලය තහවුරු කර ගැන්මෙන් පසු සිවිල් ගම්මාන වෙත එල්ල කෙරූ ගුවන් ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර හේතුවෙන් එරට නිරායුධ සිවිල් වැසියන් 2600ක් පමණ මේවන විට ජීවිතක්ෂයට පත්ව තිබීම ඛේදනීය ඉරණමකි.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි