×

කැලෑ ගිනිබත් වෙද්දී ඕස්ට්‍රේලියාවට ගිනි කෙළි රජමගුල්!

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හට ගැනීම මත පුද්ගල මරණ 08ක් වාර්තා වී තිබිණි.


ඕස්ට්‍රේලියාවේ උණුසුම් කාලගුණ තත්ත්වය මත පසුගිය දින මෙල්බර්න් නගරයේ උෂ්ණත්වය 40°C ලෙස සටහන් වී තිබිණි.

නියං තත්ත්වය දරුණුවටම බලපෑ ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හට ගැනීම පසුගිය කාලය තුළ ප්‍රභල අන්දමින් සංවාදයට බඳුන් විය.

මෙමඟින් ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්මාන්තය පමණක් නොව වන ජීවී සම්පත විනාශ වී යාමේ අවදානමක් පවා මතුව තිබිණි.

අද (31) දින පවා ඕස්ට්‍රේලියාවේ ගිණිකොන ප්‍රදේශයේ සුලං මත ලැව්ගිනි ව්‍යාප්ත වූ බවට වාර්තා වී තිබිණි.

කෙසේවෙතත්, සිඩ්නි නුවර මේ ලහි ලහියේ සූදානම් වන්නේ එළඹෙන 2020 නව වර්ෂය සඳහා ගිනි කෙළි සංදර්ශන පැවැත්වීම සඳහාය.

සිඩ්නි වරාය පුරා නව වසරේ ගිනි කෙළි සංදර්ශන පැවැත්වීම සඳහා ගිනි නිවීමේ කටයුතු පිළිබඳ බලධාරීන් අවසර ලබා දී ඇති බවට වාර්තා වේ.

මේ පිළිබඳ විවිධ ප්‍රජා, පරිසරවේදීන්, ක්‍රියාකාරීන් හා දේශපාලන පක්ෂ සිය විරෝධය පා තිබේ.

ඒ අයහපත් කාලගුණික තත්ත්ව මත හට ගෙන ඇති ලැව් ගිනි පිළිබඳ අවදානම යළි සිහිපත් කරමිනි.

දේශගුණික විපර්යාස මත ඕස්ට්‍රේලියාව පවතින්නේ අග්නි ප්‍රවාහයන්ට අධිසංවේදී පරිසර තත්ත්වයකය.

කෙසේ වෙතත්, නව වසරේ ප්‍රීතිය නිමිත්තෙන් සෑම වසරකම ගිනි කෙළි සංදර්ශන චාරිත්‍රානුකූලව පවත්වන ඕස්ට්‍රේලියාව හට බලධාරීන් මෙවර ද ඒ සඳහා අවසර දී තිබේ.

පසුගිය කාලය තුළ හටගත් ලැව්ගිනි බොහොමයක් අකුණු සැර වැදීම මත සිදුවිය. නියං තත්ත්වය මත වියළි කාලගුණය නිසා ලැව් ගිනි පාලනය කිරීම අපහසු වී තිබේ. සුලං හට ගැනීම මත තත්ත්වය තවත් ව්‍යාකූල වී තිබේ.

හැකිතාක් වෙරළ ප්‍රදේශයට ආසන්නව තම නව අවුරුදු සැමරීමේ කටයුතු සිදු කරන ලෙස බලධාරීන් ඕස්ට්‍රේලියානු වැසියන් හට උපදෙස් ලබා දී තිබේ.

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හට ගැනීම මත පුද්ගල මරණ 08ක් වාර්තා වී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි