×

දේශගුණික විපර්යාස බූවල්ලා මුලින්ම ගිල ගන්නේ ඕස්ට්‍රේලියාව ද?

මොරිසන් ද බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ වෙස් ගනිමින් සිටින බවක්ද?


මේ මොහොත වන විටත් ඕස්ට්‍රෙලියාව ලැවු ගිනි මිනිසුන් සහ සත්වයින්ගේ ජීවිත මෙන්ම ගහකොළ සතා සිවුපාවුන්ද සීග්‍රයෙන් ගිල ගනිමින් සිටී. අද ඊයේ ක නොව කාලයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් නියඟයෙන්ද පීඩා විඳින රටක් බවට ඕස්ට්‍රෙලියාව පත් වී ඇත. විශේෂඥයින්ට අනුව ඕස්ට්‍රේලියාව මේ මොහොතේ දේශ ගුණික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ යුතු ව ඇත. එමෙන්ම දේශ ගුණික විපර්යාසයන්ට හේතු පාදක වන ඉතා සුළු කිුයාදාමයක්ම නවතා දැමීමට උත්සුක විය යුතුය.

නමුත් මෙකී තත්ත්ව ඔස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කරමින් සිටී. දිගින් දිගටම් ඇති වන ලැවු ගිනි මගින් මුදා හැරෙන අපිරිසිදු වාතය සහ දුම මේ වන විටත් ඉහළ නගිමින් තිබෙන අවස්ථාවක එරට රජය දේශ ගුණික විපර්යාසයන් සම්බන්ධව නිළ මට්ටමින් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව පාරාසරික සංවිධාන බෙහොමයක් මේ මොහොතේ ඕස්ට්‍රෙිලියාවට චෝදනා කරමින් සිටී.

පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගණනාවත ඇති වූ ලැවු ගිනි හේතුවෙන් නිවෙස් සිය ගණනක් විනාශයට පත් විය. එමෙන්ම ලොව උණුසුම්ම ප්‍රදේශ 16න් 15ක් ඕස්ට්‍රෙිලියාවෙන් වාර්ථා විය.

සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.9 දක්වා ළඟා වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ උණූසුම පසුගිය අඟහරුවාදා සහ බදාදා උණුසුම්ම දිනයන් වාර්තා කළේය. මීට පෙර මෙවැනි තත්ත්වයක් වාර්තාව වූයේ 2013 ජනවාරි 3 වන දිනයි එය අංශක 40.3 ක් විය.

එරට කොන්සවේටිවු රජය ඉලක්ක කර ගත් දේශගුණික විපර්යාස සම්බන්ධ විරොධතා මේ වන විට ඉහළ යමින් පවතින අතර  හරිතාගාර වායු විමෝචනය අවම කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට උදාසීන වීම පිළිබදව විරෝධතා කණ්ඩායම් චෝදනා කරමින් සිටී.

එරට අගමැති ස්කොට් මොරිසන් පවසන්නේ දේශගුණික විපර්යාසයන් පිළිබදව මේ වන විට සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබුණද ඔස්ට්‍රේලියාව තුළ ඇති වන සෑම ලැවුගින්නකටම හේතුව කිසියම් හො මිනිස් ක්‍රියාවලියක් බවයි.

ඕස්ට්‍රේලියාව යනු ලෝකයේ ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචන මට්ටම ඉහළම අගයක් ගන්නා රටවල් අතරින් එකකි.

ලෝකයේ හරිතාගාර වායු සමස්ථ ප්‍රතිශතයෙන් තම රාජ්‍ය නිකුත් කරනුයේ 1.3%ක් පමණක් බව එරට රජය පවසයි. ඕස්ට්‍රෙලියාවේ ජනගහණය සමස්ථ කෙ ජනගහණයෙන් 0.3%කි.

ඒ කෙසේ වෙතත් පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී UN COP25 ඕස්ට්‍රේලියාව දේශගුණික විපර්යාස සම්බන්ධ විශේෂඥයින්ගේ විවේචනයට ලක් විය. ඒ කියොතෝ සහ පැරිස් ගිවිසුම් වලට අනුව ඊට අදාළ නියාමනයන් කරා ළගා වීමට ඔස්ට්‍රේලියාව අපොහෝසත් වී ඇතැයි යන චෝදනාවද සමගය.

නිදහස් ඕස්ට්‍රේලියානු සංවිධානයක් වන Climate Council පවසන්නේ ඕස්ට්‍රෙලියාව අද වන විට යුරෝපා සංගමය , නවසිලන්තය, සහ පැසිෆික් දූපත් රටවල් හී දෝෂාරෝපණයට ලක් වී ඇති බවයි. ඊට හේතුව ලෙස එම සංවිධානය පෙන්වා දෙන්නේ පැරිස් දේශ ගුණික සමුළුවේ ඉලක්ක 2030 වන විට සපුරා ගැනීම සදහා ඕස්ට්‍රෙිලියාන ව්‍යාජ සංඛ්‍යා ලේඛන අනුගමනය කරමින් සිටින බවයි.

එම සංවිධානය පවසන්නේ ඕස්ට්‍රේලියාව ලෝකයේ මේ වන විට තීව්‍ර ලෙස මුහුණ දෙමින් සිටින දේශ ගුණික විපර්යාස අර්බුදයේ පෙරමුණේම සිටින රාජ්‍යක් බවයි.

පරිසර හා බලශක්ති දෙපාර්තමේන්තුව විමෝචන ප්‍රක්ෂේපණ වාර්තාව නිකුත් කරමින් මේ මස මුලදී ගෝලීය ප්‍රයත්නයන් සඳහා දායක වන ලෙස දේශගුණික උපදේශක සහ විද්‍යාඥ මහාචාර්ය විල් ස්ටීවන් ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටියේය.

“මෝඩ ගිණුම්කරණ උපක්‍රම සැබෑ ක්‍රියාව සඳහා ආදේශකයක් විය නොහැක,” ස්ටීවන් Climate Council මාධ්‍ය නිවේදනයක සඳහන් කළේය.

“ෆෙඩරල් රජය පොත් පිසින අතරතුර රට ගිනිගෙන ඇත.”

එහෙත් තවදුරටත් විමෝචන කප්පාදුව රටේ ලාභදායී ගල් අඟුරු අපනයන කර්මාන්තයට බලපාන අතර දැනටමත් පාරිභෝගික බලශක්ති මිල ඉහළ යාමට ඒය හේතු වී ඇති බව එරට රජයේ කණස්සල්ලයි.

පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අගමැති මොරිසන්

“දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අපි පියවර ගන්නවා, “අපි එය කරන්නේ අන් අය අපට බල කිරීමට උත්සාහ කරන අයුරින් රටේ ආර්ථිකය බිඳ දැමීමේ ඉලක්ක වැලඳ නොගෙන යැයි යන්න පැවසීය.

කෙසේ වෙතත් මේ තුළ පැහැදිලි වන්නේ මොරිසන් ද බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ වෙස් ගනිමින් සිටින බවක්ද?

australia fires

ඕස්ට්‍රෙිලියානු ජාතිකයන් සියල්ලෝම මේ වන විට දුම් පානය කරන්නන්ය.

මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇති වූ ලැවු ගින්නෙන් හට ගත් දුමාරය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ අගනුවර වන ඕස්ට්‍රේලියාවේ විශාලතම නගර සිඩ්නි විෂ සහිත දුමාරයෙන් වැසී ගොස් ඇති අතර පසුගිය සතිය පුරාම වායු තත්ත්ව දර්ශක (AQI) මට්ටම අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්ථා විය.

වෛද්‍ය වරුන් පවසන්නේ ශ්වසන ආබාධ වැළැදුන පුද්ගලයින්ගේ තියුණු වැඩිවීමක් වාර්තා වන බවයි.

සිඩ්නි හි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය බ්‍රයන් ඔලිවර් පැවසුවේ නොවැම්බර් මාසයේ සිට නගරය “දිනපතාම පාහේ වායු දූෂණයට ලක්ව ඇති” බවයි.

ලැවු ගින්නට අමතරව කර්මාන්ත ශාලා වලින් පිටවන දුම සහ වාහන තද බදය හේතුවෙන් ඇති වන දුමද මේවන එරට වාතයේ PM අගය ඉහළ යෑමට හේතුව ඇත.

ඒ අනුව ඉන්දියානුවන් මෙන්ම ඕස්ට්‍රෙලියානුවන්ද පවතින පාරිසරික සහ වායු දූෂණය හේකුවෙන් දෛනිකව දුම් වැටි 50ක් භාවිතා කරන්නන්ගේ මට්ටමට පත්ව ඇත.

ඊයේ (22) රාත‍්‍රිය වනවිට ගිනිගැනීම් 98 ක් වාර්තාවූ බව නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්ත බලධාරීන් පවසයි. ඉන් 50 ක් තවමත්සක්‍රීය මට්ටමේ පවතී; ලැව්ගිනි වලින් වැඩිම බලපෑමක් එල්ලවුණේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයට. සම්පූර්ණ නිවාස හානි 86 ක් වාර්තා වන අතර තම නිවාස වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රැඳවූ බොහෝ පිරිස් යළි තම පදිංචි ස්ථාන වෙත පැමිණීමට උත්සාහ කළ ද තත්වය ආරක්ෂිත නොවීම හේතුවෙන් බලධාරීන් ඊට ඉඩලබාදී නොමැති බවත් වාර්තා වේ. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට. මේ වනවිට මියගොස් ඇති ගණන 9 ක්.

තත්ත්වය මෙසේ වුවද මේ වන විට රජයේ අවධානය යොමු වී ඇත්තේ තම්නට එල්ල වෙමින් පවතින චෝදනා වලින් ගැලවී යෑමට කටයුතු කිරීමටයි. දේශ ලුණික විපර්යාස සම්බන්ධ විශෞෂඥයන්ට අනුව ඕස්ට්‍රේලියාවේ වත්මන් තත්ත්වය ඕස්ට්‍රෙලියාවෙන් ලැබෙන දේශ ගුණීක විපර්යාසය කෙ‍ෙරමි අති කරන බලපෑමේ ප්‍රථිපලයන්ය. නමුත් ඕස්ට්‍රෙලියාව එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ මේ කිසිවකට දේශ ගුණීක විපර්යාසයන්ට තමන්ගෙන් වන බලපෑම හේතු වී නැති බවයි.

Australia is counting the cost of devastating bushfires that have destroyed rural communities in the country's southeast [Dan Himbrechts/AAP Images via AP]

ඔවුන් බිය වී සිටින්නේ රටේ ආර්ථිකයට බලපෑමක් ඇති වනු ඇතැයි යන්නය. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාන වටහා ගත යුතු එක දෙයක් ඇත. ඒ මෙම තත්ත්වය තව දුරටත් පාලනය කර ගත හැකි නොවුව හොත් තමන්ට ඉතිරි වන්නේ ගින්නෙන් පිළිස්සුන පරිසරයක දුක්බර ජීවිත ගෙවන මිනිසුන් ගේ දුක් අදෝනා ඇසීමට පමණකි යන්නයි.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රසීලය පමණක් නොව මේ මෙහෝත වන විට අපද දේශ ගුණික විපර්යාසයන් ගේ ගොදුරු බවට පත්වෙමින් සිටන බව වටහා ගැනීම අනිවාර්යක් වී ඇත. එය එසේ නොවුන තවදුරටත් හොත් අපද එහි ගොදුරක් වනු නොඅනු මානය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි