×

ලැව් ගිනි නිසා ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක්

.


ලැවු ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක් තුළ ජනතාව ඉමහත් අසීරුතාවයට පත් වී ඇත. අධික ජනගහනයක් ජීවත් වන නිව් සවුත්වේල්ස් සහ කුවීන්ස්ලන්ඩ් යන පළාත් වල මෙම තත්ත්වයන් උද්ගත වී ඇති අතර මේ වන විට පුද්ගල මරණ තුනක් වාර්ථා වී ඇත.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අගනගරය සිඩ්නි දක්වා මෙම ගින්න පැතිර යමින් පවතින බවයි.
නිව් සවුත් වේල්ස් හි හෙක්ටයාර් 970,000 ක භූමි ප්‍රමාණයක් විනාශ වී නිවාස 150 ක් විනාශ වී තිබේ. ක්වීන්ස්ලන්ඩ් හී නිවාස 9 ක් විනාශ වී ගොස් ඇත.

මේ වන විට අනතුරු සහිත ප්‍රදේශ වල පාසැල් සිය ගණනක් වසා දමා ඇති අතර එදිනෙදා කටයුතු සියල්ලද අඩාල වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි