×

වසර 8ක් තුළ අගමැතිවරු 05 ක් ධූර දැරූ ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරණය අදයි.

2010 වසර සිට අද දක්වා ඕස්ට්‍රේලියාවේ අගමැතිවරුන් 5 දෙනෙකු පත් වී ඇත.



තම රට ඉදිරියේදී පාලනය කල යුත්තේ කවුරුන්දැයි යන ප්‍රශ්නයට විසදුම සොයා ගන්නට අන් කවරදාටත් වඩා මැතිවරණයට දායක වන්නට අද ඕස්ට්‍රේලියානු ජනතාව සූදානමින් සිටී.
මේ ඒ පිළිබදව විස්තරයකි.


2010 වසර සිට අද දක්වා ඕස්ට්‍රේලියාවේ අගමැතිවරුන් 5 දෙනෙකු පත් වී ඇත. එනම් වසර 8ක් තුළ සෑම අගමැතිවරයෙක්ම සිය ධූර දරා ඇත්තේ රත්වන අසුනක හිදිමින්ය (“hot desking”)

මේ අතරින් සිවු දෙනෙක් ප්‍රධාන පක්ෂයන් දෙකම දෙනෙහි බලපෑම් එල්ල කරමින් ඉතා කෘර කුමන්ත්‍රණ මගින් ධූරයන්ගෙන් පහ කරනු ලැබීය

පහත සටහනින් පෙනී යන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය පිළිබද සතුටු දායක පසුබිම කෙතරම් සීග්‍රයෙන් පහත බැස ඇතිදැයි යන්නයි.

මෙවර මැතිවරණ ප්‍රථිපලය ඡන්ද දායකයින් විසින් තීරණය කරනු ඇත්තේ කුමන පදනම් මත සිටිමින්ද
මේ වන විට ඕස්ට්‍රේලියානු ජනතාව මුහුණ දෙමින් පවතින ප්‍රධාන ආර්ථික හා සමාජීය ගැටළු කිහිපයකි. එබැවින් මැතිවරණය තීරණය වනු ඇත්තේ එකී තීරණද සමගිනි.

අන් කවරදාටත් වඩා ඕස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීම සදහා විශාල මුදලක් ගෙවීමට සිදු වී ඇත. බහුතරයකට නිවසක් මිලදී ගැනීම යනු ජීවිතයේ ප්‍රධානතම ගැටළුව බවට පත් වී ඇත. ඕස්ට්‍රෙලියාව නිවසක් මිලදී ගැනීමට ඉතා අඩුම වෙහෙසක් දැරිය යුතු රට බවට මින් පෙර පත් වී තිබිණි.

නමුත් අද එකී තත්ත්වය වෙනස්ව ඇත්තේ කෙසේද
පහත රූප සටහන ඊට පිළිතුරු සපයනු ඇත. මිනිසුන්ගේ ආදායමට සරිලන ලෙස නිවසක් සදහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

This image has an empty alt attribute; its file name is jk3-843x600.png

දේශ ගුණික විපර්යාස

ඕස්ට්‍රේලියාව යනු පසු ගිය වසර ගණනාවක් තිස්සේ ගංවතුර සුළි සුළං ලැවු ගිනි අධික උණුසුම මේ ආදී වූ සෑම දේශ ගුණික තත්ත්වයක් හේතුවෙන්ම දැඩි සේ පීඩාවට පත් වූ රටකි.
ගල් අගුරු කර්මාන්තය, renewable energy මේ ආදී විශයන්ද පසුගිය සමයේ දිගින් දිගටම සාකච්ඡා කෙරිණි.

අවධානය යොමු කළ යුතු ලෙස සංක්‍රමණිකයන් ගේ සංඛ්‍යාව ඉහළ යෑම
ඉතාමත් ආසන්න ජාතික සංඛ්‍යාලේඛනයන්ට අනුව ඕස්ට්‍රේලියාවේ ජීවත් වන වැසියන්ගෙන් හරි අඩක් ඉපදී ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් නොවන්නේය බහුතරයකගේ මවු පියන් හෝ ඔවුන් ඉපදී ඇත්තේ පිට රටවලය. 2006 වසරේ සිට වාර්ශිකව විදේශිකයන් 180000ක් පමණ පිරිසකට ඕස්ට්‍රෙලියානුවන් පුරවැසි භාවය ලබා දී හෝ සිය රටේ ජීවත් වීමට ඉඩ ලබා දී ඇත.

  • කෙසේ වෙතත් අද පැවැත්වෙන මැතිවරණයේදී සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 16.4කි. ඔවුන් පහළ මන්ත්‍රී මණ්ඩලයේ සියළු ආසන සදහා මෙන්ම සෙනෙට් ආසන සංඛ්‍යාවෙන් හරි අඩක් පත් කර ගැනීම සදහා ඡන්දය ලබා දෙනු ඇත. Liberal-National coalition පක්ෂය ස්කොට් මොරිසන් අගමැතිවරයා ගේ ජය තහවුරු කිරීමේ බලාපොරෝත්තුවෙන් මැතිවරණය සදහා කටයුතු කරමින් සිටී.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි