×

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණ ප්‍රතිඵල නිසා එල්ලී මැරෙන සරණාගතයෝ

ඔව්! සියදිවි නසා ගනු මිස දැන් ඉතින් දැන් ඉතිං ඔවුන් වෙන කුමක් කරන්නද...?


ඕස්ට්‍රේලියානු මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී තිබේ. කිසිවකුත් නොසිතූ පරිදි ස්කොට් මොරිසන් ගේ රජය  නැවතත් බලයට පැමිණ තිබේ. නමුත් පැපුවා නිව්ගිනියවට නුදුුරු මානුස් දූපතේ මිනිසුන් එවිට සිය දිවි නසා ගත යුතුද?

ඔව්!
සියදිවි නසා ගනු මිස දැන් ඉතින් දැන් ඉතිං ඔවුන් වෙන කුමක් කරන්නද…? ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් රඳවා තබා සිටින්නේ මානුස් වලය. බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ගේ ගමන අවසන් වන්නේ මෙතනින් බවට දැන්වීම් ශ්‍රී ලංකාවේ පවා පළ වේ.

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ප්‍රතිඵල නිකුත් නිකුත් වීමත් සමඟ මෙම දූපත පුරා සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ  රැල්ලක් පැතිර ගියේය. යටත් පිරිසෙන් නව දෙනෙක් මැරෙන්න ට  උත්සාහ කළහ. ඒ නිදහස් ඔස්ට්‍රේලියානු ජීවිතයක් පිළිබඳ අවසන් බලාපොරොත්තුව මෙම මැතිවරණ ප්‍රතිඵලය සමග මළගම් ගිය නිසාය.

හුදෙකලා සහ මූසල මානුස් දූපත තුළ ජීවත් වන්නේ  ඕස්ට්‍රේලියානු සිහිනේ තෘෂ්ණාවෙන් මඩනා ලද මිනිසුන් පමණක් යැයි නොසිතන්න . යට සිරිසේන ලෝකයට අයත් එක් මිනිසෙක් එහි සිටී. ඔහු බෙහරුස් බුකානිය. Behrouz Boochani. පර්සියානු කවියෙකු සහ මාධ්‍යවේදියකු වන ඔහු මේ දූපත් ජීවිතය ගැන වොයිස් මැසේජ් වලින් පසුගිය වසරේ පොතක් ලීවේය. අඳුරු දූපතේ සිදු වන බොහෝ දේ දැන ගත්තේ එසේය. ඒ පොත පසුගිය වසරේදී වසරේදී වික්ටෝරියානු සාහිත්‍ය සම්මානය  දිනා ගත්තේය. එම සාහිත්‍ය සම්මානය ලබා ගැනීමට පවා ඔහුට ඕස්ට්‍රේලියාවට ඇතුල්වීමට ඉඩ දුන්නේ නැත.

නමුත් ඔහු නිහඬ නැත. ස්කොට් මොරිසන් ගේ ජයග්‍රහණයත් සමග දූපත පුරා ඊයේ රාත්‍රියේ ද අද උදෑසනට සියදිවි නසාගැනීමට තැත් කිරීම් රැල්ලක් ඇති වුණ බව හෙළිදරව් කළේ ඔහුය. CNN පුවත් සේවය පුවත තහවුරු කර ගැනීමට යොදාගත් මූලාශ්‍රය වූයේ ද ඔහු ය. ඒ අනුව යටත් පිරිසෙයින් 5 දෙනෙක් සිය දිවි සිය දිවි නසා ගැනීමට තැත් කළ බවත් එයින් කී දෙනෙක් රෝහල් ගත කළ බවත් වාසනාවකට මෙන් කිසිවෙක් මිය නොගිය බව සනාථ කළේය.  නමුත් ඔහු ඉඟි කර සිටියේ මියගිය ද මිය නොගියද ඔවුන් නොගියද ඔවුන් ජීවත් වෙමින්ම මිය යමින් සිටින අය බවයි .

ඉසුරු සොයා වැරදි පාරෙන් ඕස්ට්‍රේලියාවට එන මිනිසුන් නතර වන්නේ එක්කෝ නාඋරු දුපතෙනි. අඩුමගනනේ එය ඕස්ට්‍රේලියාවට නුදුරෙන් පිහිටා ඇත . නමුත්  මානුස් දූපත අයත් වන්නේ පැපුවා නිව්ගිනියාවට ය. මේ දුපත් දෙකේ දැනට දහසක් පමණ සරණාගතයෝ ජීවත්වන බව පවසයි. amnesty international යනාදි මානව හිමිකම් සංවිධාන පවසන ආකාරයට මේ දූපත් අපායන්ට සමානය. මිනිසෙකුට ගෞරවනිය ලෙස ජීවත්වීමට අවශ්‍ය කිසිදු අවම සම්පතක් මෙහි නැත.

මෙයට පැය කිහිපයකට කර ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ පත් වූ ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ජය ගත්තේ ලේබර් පක්ෂය නම් ඔවුන්ගේ ඉරණම වෙනස් වන්නට ඉඩ තිබිණි. නමුත් දැන් ඒ සියල්ල සිහිනයක් පමණයි. මෙවර මහමැතිවරණය ජය ගත් ස්කොට් මොරිසන් ගේ ප්‍රධානත්වයෙන් යුතු ලිබරල් ජාතික සන්ධානය නීති විරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කිසිසෙත්ම ලිබරල් නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි