×

ඕස්ට්‍රේලියාව බළලුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි!

අද වන විට ඔවුන් රටේ 99.8 ප්‍රදේශ පුරා පැතිර ඇත.


මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රධානම පෙළේ සතුරු කණ්ඩායම බවට සුරතල් ලොම් පිරුණ බළල් විශේෂයක් පත්ව ඇත. ඒඅනුව බිහිසුණු පැවතුම් ඇති බළලුන් මිලියන 2ක් 2020 වන විට මරා දමන්නට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇත. ගණන් බලා ඇති පරිදි ඕස්ට්‍රේලියාවේ සිටින මෙවැනි බළලුන් සංඛ්‍යාව මිලියන 2ත් මිලයන 6ත් අතර වේ.

මීට අමතරව බළලුන් නිසා විවිධ නීති රෙගුලාසි හදුන්වා දෙන්නට ඇතැම් ප්‍රාන්ත කටයුතු කර ඇත. ක්වීන්ස්ලන්ඩ් පළාත තුළ මෙවැනි බළලුන් මරා දැමීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 7ක් ලබා දෙයි. මෙම තීරණ සම්බන්ධව සත්ව අයිතීන් සදහා වන PETA පවසන්නේ මෙය කෘර ක්‍රියාවක් බවයි.

මෙම බළල් අර්බුධය ඕස්ට්‍රේලියාවේ පමණක් නොව නවසීලන්තය තුළද උද්ගත වී ඇත. බොහෝ විට සිදු කරන්නේ එළිමහනේ සිටින බළලුන් මරා දැමීමය.

මෙසේ මරා දමන්නට තීරණය කර ඇති දරුණු බළල් වර්ගය නිවෙස් හී ඇති කරන සාමාන්‍ය පූසන්නට සමාන වන අතර ඔවුන් සිටින්නේ එළිමහනේය. ඇතැම් පුද්ගලයින් විසින් මෙම බළල් වර්ගයද ඇති කරනු ලබයි. නමුත් මෙම බළල් වර්ගය දරුණු ලෙස අනෙක් කුඩා සතුන් ආහාරයට ගැනීම ඔවුන්ට විරුද්ධව පවතින විශාලතම චෝදනාව වන අතර ක්‍රමයෙන් මෙම බළල් ගහණය නවතාලිය නොහැකි ලෙස වර්ධනය වීමද එදිනෙදා මනුෂ්‍ය ජීවිතයට තර්ජනයක් වී ඇති බව පැවසේ.

බළල් ගහණයේ වර්ධනය

බී බී සී සේවයේ සදහන් වන අන්දමට මෙම බළල් විශේෂය 17 වන සිය වසයේදී ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ වල පමණක් දැකිය හැකිව ඇති අතර අද වන විට ඔවුන් රටේ 99.8 ප්‍රදේශ පුරා පැතිර ඇත.
මෙම බළල් විශේෂය විසින් ඔස්ට්‍රේලියාවට අවේණික කුරුල්ලන් මිලියනයක් පමණ මරා දමා ඇති අතර කුඩා අහිංසක සතුන් දිනපතා මිලියන 1.7ක් පමණ මරා දමයි.

රජය විසින් ගෙන ඇති මෙම තීරණයට විවිධ සත්ව අයිතීන් සංවිධාන මෙන්ම විවිධ සංවිධාන වල විවේචන එල්ල වුවද නිළධාරීන් පවසන්නේ තෝරා බේරීමකින් තොරව තමන් විසින් පූසන් මරා දැමීමට තීරණය කර ඇති බවත් තවත් බොහෝ සතුන් බේරා ගැනීම මෙම තීරණයට හේතුව බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි