×

එකම ලොවක්: අන්ත දෙකක්

මෙහි වම්අත පැත්තේ තිබෙන ඡායාරූපයෙන් පෙනෙන්නේ මේ වන විට නයගරා ඇල්ල ඉතා දරුණු ශීතල නිසා මිදී ගොස් තිබෙන ආකාරයයි. දකුණු පස ඡායාරූපයෙන් පෙනෙන්නේ ඔස්ට්‍රේලියාව ‘කරකුට්ටම්‘ වන තරම් දැඩි උණුසුමකට හසු වී තිබෙන අන්දමයි.


එකම ලෝකයක අන්ත දෙකක් මේ සා දේශගුණික වශයෙන් විපරිත වන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාවේ ඇතැම් පළාත්, අඩ සියවසකින් පමණ මුහුණ නොදුන් ආකාරයේ ඉතිහාසගත ඉඩෝරයකට මුහුණ දී ඇත. පාරවල තාර උණුවෙමින් වැගිරේ. සිය දහස් ගණන් සතුන්ගේ ජීවිත, අධික උණුසුම දරා ගත නොහැකිව මියැදෙමින් තිබේ.

අැමරිකාවේ වාර්තාගත ශීතලක් වාර්තා වන විට ඔස්ට්‍රේලියාවේ දකුණුදිග ඇඩිලේඩ් නගරයෙන් ජනවාරි 24 වැනිදා වසරේ උණුසුම්ම දිනය වාර්තා වෙයි. එය 46.6 C (116 F)ක් විය. මෙය, කිසිදු කාලගුණික අනාවැකියකින් පුරෝකථනය කළ නොහැකි තරම් උණුසුම් එකක් වී යැයි කාලගුණික දෙපාර්තමේන්තුව කියයි.

තස්මේනියානු ගිනි නිවන හමුදාව, ලැව්ගිනි මැඬලීම සඳහා සිය මුළු වැර යොදමින් සිටිති.

තස්මේනියානු ගිනි නිවන භටයන්

හිරු රැසින් පිච්චෙන රටක්

ජනවාරි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ වයිරල් වෙමින් පැතිරුණු එක් වීඩියෝවකින් දැක්වුණේ යෝධ මරේඩාලිං ගඟ අසල සිට පුද්ගලයන් දෙදෙනෙක් විසින් කරන ආයාචනයකි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංගාවල වෙසෙන සිය ගණන් මත්ස්‍යයෝ මේ අන්දමින් අධික උණුසුම දරාගත නොහැකිව මියැදෙමින් සිටිති. ‘‘මේ මත්ස්‍යයා අවුරුදු 100 ක් තිස්සේ මේ ගගේ ජීවත් වෙනවා. නමුත් නැවත ඒමක් නැහැ..“ යැයි ඒ වීඩියෝවේදී ගොවියෙකු වන ග්‍රහැම් මැක්‍රාබ් පවසයි.

මේ අන්දමින්ම, පිපාසිත කෝලාවෙකුගේ වීඩියෝවක් ද පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් සංසරණය විය. කෝලා, ඔස්ට්‍රේලියාවේ ජාතික සත්වයාය. එහි දැක්වුණේ එක් මිනිසෙක් පැය දෙකකට අධික කාලයක් වැය කරමින් කෝලා සතෙකු පිපාසයෙන් මියයාමෙන් ගළවා ගැනීමට ගන්නා උත්සාහයයි.
Dozens of fish lying dead on the Darling River in NSW near Menindee after an extreme heat wave in January.
මෙරේඩාලිං ගඟ මත සිය ගණන් මළ මසුන් පාවෙන අන්දම
Embedded video

Sky News@SkyNews

විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දටම ඉදිරියේදී මේ තත්වය තවත් දරුණු වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි