×

ඕස්ට්‍රේලියානු අවමංගල උත්සව සඳහා සහභාගි විය හැකි උපරිමය 10යි: විවාහ උත්සව සඳහා 5යි

කොරෝනා වෛරසය වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඕස්ට්‍රේලියානු අවමංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 10ක් බවත් විවාහ මංගල උත්සවයකට සහභාගී විය හකි සංඛ්‍යාව 5ක් ලෙසත් සීමා කර ඇත.


කොරෝනා වෛරසය වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඕස්ට්‍රේලියානු අවමංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 10ක් බවත් විවාහ මංගල උත්සවයකට සහභාගී විය හකි සංඛ්‍යාව 5ක් ලෙසත් සීමා කර ඇත.

අගමැති ස්කොට් මොරිසන් කැබිනට් රැස්වීමක් පවත්වමින් නිවේදනය කර ඇත්තේ සමාජ රැස්වීම් හැකිතාක් අවම කරන ලෙසයි. බොහෝ විදේශ සංචාර තහනම් කෙරෙන අතර බොහෝ පොදු ස්ථාන වසා දමනු ඇත.

බදාදා මධ්‍යම රාත්‍රියේ (GMT 13:00) ක්‍රියාත්මක වන නව නීති රීති පමුණුවා ඇත්තේ ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමෙන් පසුවය.

පැය 24 ක් තුළ රට තුළ නව රෝගීන් 427 ක් වාර්තා වූ අතර, මුළු ආසාදන සංඛ්‍යාව 2,136 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 8 කි.

ආසාදිත පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකුට සිඩ්නි නුවර රූබී ප්‍රින්සස් නෞකාවෙන් ඉවත් වීමට අවසර දෙන ලදී. සමාජ ශාලා සහ පූජනීය ස්ථාන වසා දැමීම වැනි සමාජ රැස්වීම් අවම කිරීම සඳහා දැනටමත් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත. නමුත් තවමත් බොහෝ පාසල් විවෘතව පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි