×

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පලා ගිය 20 ක් ලංකාවට හරවා එවයි

ග්‍රහණය කර ගැනීමෙන් පසු දින කිහිපයක් පමණක් ක්‍රිස්ටියන් අයිලන්ඩ් නම් දූපතෙහි රදවාගෙන තබා ඇත


හොර රහසේ ඕසට්‍රේලියාවට පලා ගිය ලාංකිකයන් 20 දෙනෙකු හරවා ලංකාවට එවීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර ඇත. එරට ස්වදේශ කටයුතු අමාත්‍ය මයිකල් මැකෝමැක් පවසන්නේ ඔස්ට්‍රේලියාවට යන අතර මගදී ලාංකිකයන් රැගත් මෙම බෝට්ටුව අත් අංගුවට ගෙන ඇත්තේ පසුගිය සතියේදීය.

මෙම පලා යන්නන් අතරේ කුඩා ළදරුවන් එක් අයෙකු හෝ සිටි බව වාර්ථා වන අතර ඔවුන්ව ග්‍රහණය කර ගැනීමෙන් පසු දින කිහිපයක් පමණක් ක්‍රිස්ටියන් අයිලන්ඩ් නම් දූපතෙහි රදවාගෙන තබා ඇත. වාර්ථාවන අන්දමට එසේ නීතිවිරෝධී ලෙස පැමිණෙන පිරිසක් ක්‍රිස්ටියන් අයිලන්ඩ් හී රදවාගෙන ඇත්තේ වසර 5කට පසුවයි.

ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකාවෙන් සිය ගමන ආරම්භ කර ඇත්තේ මැයි මස පළමු සතියේදීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඔස්ට්‍රේලියාව විසින් එසේ නීතිවිරෝධී ලෙස සිය රට තුළට ඇතුල් වන්නට සූදානම් වූ පිරිසක් නැවතත් පැමැණි ස්වරූපයෙන්ම හරවා යැවීම ජාත්‍යන්තර නීතීන්ට පටහැනි බවයි. නමුත් පවතින වාර්ථාවන්ට අනුව 2013 වසරේ සැප්තැම්බරයේ සිට ඔස්ට්‍රේලියාව විසින් එසේ හරවා එවූ පුද්ගලයින් 180කි. නීතිවිරෝධී බෝට්ටු 10කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි