×

2032 ඔලිම්පික් සත්කාරකත්වයේ තරගයෙන් ඕස්ට්‍රේලියාව ඉවත් වෙයි

මීට පෙර අවස්ථා දෙකකදී ඕස්ට්‍රේලියාව ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දරා තිබෙනවා. ඒ 1956 දී මෙල්බර්න් නගරය සහ 2000 වසරේදී සිඩ්නි නගරයයි.


2032 ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීමේ සටනින් තාවකාලිකව ඉවත්වීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය හිමිකර ගැනීමේ මූලික අදියර 2021 වසර දක්වා ක්‍රියාත්මක වේ. මේ සඳහා දැනට ඉදිරිපත්ව සිටින තරගකරුවන් අතරින් ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ තරගකරුවෙකි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නගරය සත්කාරකත්වය දිනා ගැනීමේ සටනට එක්ව සිටින අතර ‍කෙසේ නමුත් ඊයේ (22) ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පාර්ලිමේන්තුව තීරණය කර තිබෙන්නේ සත්කාරකත්වය දිනා ගැනීමේ සටනින් බ්‍රිස්බේන් නගරය තාවකාලිකව ඉවත් වියයුතු බවයි. සත්කාරකත්වය දිනා ගැනීම සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවන අතර කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ එය සිදුකිරීම යෝග්‍ය නොවන බවට ප්‍රාන්ත පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

ප්‍රාන්ත අගමැති ඇනස්ටාෂියා පැලෂේක් මහත්මිය පවසන්නේ මේ මොහොතේ තම ප්‍රාන්ත රජය සහ ඕස්ට්‍රේලියානු රජය ප්‍රමුඛ අවධානය යොමුකර තිබෙන්නේ ‍මතුව ඇති ගෝලීය වසංගතයෙන් තම ජනතාව ආරක්ෂා කර ගැනීම පිළිබඳව පමණක් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ සභාපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිත ජෝන් කෝට්ස් මහතා පවසන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ තීරණය සමග එකඟ වන බවයි.

මීට පෙර අවස්ථා දෙකකදී ඕස්ට්‍රේලියාව ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දරා තිබෙනවා. ඒ 1956 දී මෙල්බර්න් නගරය සහ 2000 වසරේදී සිඩ්නි නගරයයි.

2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීම සඳහා මේ වනවිටත් ඉන්දියාවේ නවදිල්ලි, ඉන්දුනීසියාවේ ජකර්තා, උතුරු සහ දකුණු කොරියාව, ඉතාලිය, එක්සත් රාජධානියේ ලන්ඩන්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, ජර්මනිය, නෙදර්ලන්තය, යුක්රේනය හා බෙලරුස් (සම සත්කාරකත්වය) එක්ව සිටී.

2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය හිමිකර ගන්නා නගරය පිළිබඳව අවසන් තීරණය 2025 වසරේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි