×

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හී හටගත් ගින්නකින් දෙදෙනෙකු මියයයි.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හී පෙර නොවූ විරූ අන්දමේ පඳුරු නිසා හටගත් ගින්නකින් අවම වශයෙන් දෙදෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්ථාවේ


ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හී පෙර නොවූ විරූ අන්දමේ පඳුරු නිසා හටගත් ගින්නකින් අවම වශයෙන් දෙදෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්ථාවේ.

ගින්නේ හදිසි තත්ත්වය එහි දෙවන දිනය වන සෙනසුරාදා දිනය දක්වාම පැවතුන අතර, නිව් සවුත් වේල්ස් හි නිවාස 150 කට වැඩි ප්‍රමාණයක් ගිනිබත් වී ඇති බව නිලධාරීන් තහවුරු කළහ. පාලම්, පාසල් සහ විදුලි රැහැන් විනාශ වූ අතර දහස් ගණනකට තම නිවෙස් අතහැර යාමට සිදුවිය.

නිව් සවුත් වේල්ස් අගමැති ග්ලැඩිස් බෙරෙජික්ලියන් අනතුරු ඇඟවූයේ තුවාලකරුවන් සංඛ්‍යාව දවස පුරා අඛණ්ඩව ඉහළ යනු ඇති බවයි.

නිව් සවුත් වේල්ස් හි ගිනි නිවන භටයින් 1,000 ක් පමණ ජල බෝම්බ ගුවන් යානා ආධාරයෙන් උත්සාහ කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි. ගින්නෙහි ශක්තිය හේතුවෙන් කාර්ය මණ්ඩලයට ආපදාවට ලක්වූවන් වෙත ළඟා වීමට නොහැකි වීම නිසා ස්ථාන කිහිපයක පුද්ගලයින් තම නිවෙස්වල සිරවී සිටින බවට වාර්තා වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ගිනි සමයේ අවදානම දිගු හා තීව්‍ර ලෙස වර්ධනය වන බව විද්‍යාඥයෝ පවසති. ගින්නෙහි උණුසුම්ම මාසවලට පෙර එහි බරපතලකම පිළිබඳව ඔවුන් සැලකිලිමත් වන බව බලධාරීහු පැවසූහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි