×

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි උවදුර තවදුරටත්, ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට පියවර!

මතුව ඇති තත්ත්වය හමුවේ හැකි ඉක්මනින් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියෙදී තත්වය බරපතල විය හැකි බවද ඔවුහු අවධාරණය කළහ.


ඕස්ට්‍රේලියාවේ දකුණු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාවන් 2කට අයත් ප්‍රදේශවාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, ප්‍රදේශය අසල හටගත් ලැව්ගිනි තත්ත්වයක් පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙනි!

මෙල්බර්න් නගරයේ සිට කි.මී 450 පමණ නැගෙනහිරින් පිහිටා ඇති එම කලාපයේ 60 දෙනෙකුගෙන් පමණ යුතු ජනගහනයක් වෙසෙයි.

ඒ අනුව, ගූන්ගෙරා හා ඊට යාබද මාර්ටින්ස් ක්‍රීක් නම් ප්‍රදේශ දෙකට එළඹෙන පැය 48 ඇතුලත මෙම ලැව්ගින්න පැතිර යාමේ අවදානමක් පවතින බවට බලධාරීහු අනතුරු අඟවති.

මතුව ඇති තත්ත්වය හමුවේ හැකි ඉක්මනින් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියෙදී තත්වය බරපතල විය හැකි බවද ඔවුහු අවධාරණය කළහ.

පසුගිය නත්තල් සමය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල යම් සිසිල් දේශගුණයක් පැවති හෙයින් ලැව් ගිනි මැඬපැවැත්වීමට ගිනි නිවන භටයින් සමත් විය.

එහෙත්, තවමත් පවතින ඉහළ උෂ්ණත්වය හමුවේ ලැව් ගිනි ඇතිවීමේ අවදානම ඉහල යමින් පවතින බවට වාර්තා වේ.

පසුගිය සිකුරාදා (26) දින ඕස්ට්‍රේලියාවේ දකුණු කලාපයේ ඇතැම් ප්‍රදේශ වල උෂ්ණත්වය 40°C ඉක්මවා තිබිණි.

වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් හි එළඹෙන සඳු දින වන විට උෂ්ණත්වය 43°C දක්වා ඉහල යාමේ ප්‍රවණතාවක් ඇති බවට වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ ගණනාවක හටගත් නියං තත්වයෙන් ජනතාව පීඩා විඳි අතර, වියළි කාලගුණික තත්ත්ව මත රටේ ස්වදේශික වන සම්පත විනාශ වී යාමේ අවදානමක් මතුව පවතී.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 5ක හෙක්ටයාර් මිලියන 4 කට ආසන්න භූමි ප්‍රමාණයක් ලැව් ගිනි නිසා විනාශ විය.

ඒ අතර පුද්ගල මරණ 8ක් වාර්තා වී තිබිණි.

කෙසේවෙතත්, එරට පාලකයින් මේ පිළිබඳ දරණ ආකල්ප රට තුළ විවාදාත්මක සංවාදයක් ඇති කරලීමට ද හේතු වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාස හමුවේ ඇතිවන උවදුරු පිළිබඳ කතිකාවත දැන් දැන් පුළුල් වෙමින් පවතී.

මීට පෙර දිනක එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටියේ දේශගුණික විපර්යාස හා ලැව්ගිනි අතර සබඳතාවක් නොමැති බවයි.

එය ජනතාව අතර මහත් ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රකාශයක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි